මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව යොදන උප්පරවැට්ටි ගැන ජනතාව සහ දේශපාලන පක්ෂ අවදියෙන් සිටිය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවේ කූට උපක්‍රමවලට එරෙහිව රටේ ප්‍රජාන්ත්‍රවාදී අයිතිය සහ ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් රටේ සියලු කණ්ඩායම් එක් විය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉදිරි මැතිවරණ පරාජයට පත්වන බව දන්නා බැවින් මෙවැනි උපක්‍රම යොදන බවත් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව කීවේය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පොහොට්ටුවේ සිටින රට විනාශ කළ පිරිස සමඟ කටයුතු කරන බවත් එවැනි දුෂිතයන් පිරිසක් සමඟ එකතුවී කටයුතු කිරිමට සමගි ජනබලවේගයට කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් රහුමාන් මහතා පැවසීය.