Connect with us

පුවත්

“ඡන්දෙ දින්නම මම ඇවිත් ඔයාව හම්බවෙන්නම්”

Published

on

පවතින මැතිවරණ නීති උල්ලංඝනය කරමින් බදුල්ල නගරයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වූ හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමක් සහ පොලිස් නිලධාරීන් අතර ඊයේ (11) උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.

හිටපු අමාත්‍යවරයා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිසක් පැළඳ සිටි ඇඳුම් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවට බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින්ට සහ පොලීසියට නිරීක්ෂණය වී තිබේ.

පොලිසිය පවසන්නේ එමෙන්ම පස්දෙනෙකුට වඩා වැඩි පිරිසක් මෙම ප්‍රචාරක කටයුතු සඳහා එක්ව ඇති අතර, එය ද මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවය.

ඒ අනුව එම ප්‍රචාරක කටයුතු නතර කිරීමටයි අදාළ පිරිසට උපදෙස් ලබා දී තිබේ.

එම අවස්ථාවේ දී අමාත්‍යවරයා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් සහ පොලීසය සමඟ උණුසුම් වචන හුවමාරුවක්ද සිදු විය.

එහිදී කෝපවූ හරින් මහතා,

”ටීශර්ට් එක තියාගන්න.අලුත් ආණ්ඩුවත් එක්ක ආතල් එකක් ගන්න.මැතිවරණ නීතිය මාලිමාවට එකයි අපිට එකයි වෙන්න බැහැ.මාලිමාවේ ඔක්කොම ඇදන් යනවා ටීශර්ට් ….අපි කැන්වසින් නවත්තනවා.ඡන්දෙ දින්නොතින් ඇවිත් ඔයාව හම්බවෙන්නම්.ඔයාගේ ආශිර්වාදෙ දෙන්නකෝ….”.

එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හරින් මහතා සඳහන් කළේ,

‘‘මැතිවරණ නීතිය වෙන පක්ෂයට එකක් මාලිමාවේ අයට ටීශර්ට් ගහගෙන ඇවිදින්න පුලුවන්.මාලිමාවේ ආණ්ඩුව මාසේ නිසා ඔහොම ආතල් එකක් ගන්න දෙන්න.පොලිසියේ නිළධාරින් අපි ගාවත් ඉදල තියනවනේ .පොලිසිය අපේ ආණ්ඩුව යටතේත් හිටියා.මැතිවරණ නීතිය හරියට කරන්න දීලා යනවා…”.

පුවත්

අද කාලගුණයේ වෙනසක්

Published

on

By

අද (12) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (30–40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.

Continue Reading

පුවත්

වෙසක් පුර පසොළොස්වක පොහොය අදයි

Published

on

By

ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අද (12) ට යෙදී තිබේ.

බුදුන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද වෙසක් පොහොය දිනයක වන අතර උන්වහන්සේ බුද්ධත්වයෙන් අටවන අවුරුද්දේදී මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කළේ ද වෙසක් පොහොය දිනයේ වීම තවත් විශේෂත්වයකි.

ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.

Continue Reading

පුවත්

ගැරඩි ඇල්ල බස් අනතුරින් මියගිය ගණන ඉහලට; බස් එකේ කොටසුත් ගොඩ ගනියි

Published

on

By

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.

අද (11) උදෑසන ප්‍රපාතයට පෙරළුණු එම බස් රථයේ කොටස් පස්වරුවේ ගොඩගෙන තිබේ.

පොලීසිය සහ යුදහමුදාව එක්ව විශාල දොඹකර ආධාරයෙන් මෙම බස් රථයේ කොටස් ගොඩට ගෙන ඇත.

පසුව එම කොටස් ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා කොත්මලේ පොලීසිය වෙත රැගෙන යවා ඇති බවද පැවසේ.

අද අළුයම සිදු වූ අනතුරින් මේ වන විට පුද්ගලයින් 22නෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම අනතුර සම්බන්ධ විමර්ශන කොත්මලේ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved