පුවත්

ඡන්දේ දවසේ මහ රෑ වෙන්න යන කලබගෑනිය?

Published

on

ලබන සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වෙන මෙරට ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල ගණන් කෙරෙන අතරතුර මහා කලබගෑනියක් විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

ඊයේ රාත්‍රියේ රූපවාහිනී නාලිකාවක විකාශය වූ දේශපාලන සංවාදාත්මක වැඩසටහනකට සර්වජන බල පක්ෂය නියෝජනය කරමින් එක්වූ ඔහු මේ බව සඳහන් කලේය.

මෙවර ජනාධිපතිවරණයෙන් කිසිඳු අපේක්ෂකයෙකුට 50 % ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාවක් නැති බව ඔහු එහිදී අවධාරණය කලේය.

එම නිසා නියත වශයෙන්ම දෙවන මනාපය ගණන් කිරීමට සිදුවණු ඇති බවත් දෙවන මණාපය ගණන් කර අවසානයේදී, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජය හිමි නොවන්නේ නම් විශාල කලබගෑනියක් ඇතිවිය හැකි බවට ඔහු එහිදී අනතුරු අඟවා සිටියේය.

ශ්‍රී ලංකාවේ භූ දේශපාලනික වැදගත්කම නිසාම ලෝක පර්යාය නොවෙනස්ව පවත්වා ගැනීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව බලයේ තබා ගැනීමට විජාතික බලවේග ක්‍රියාත්මක වෙමින් බවතින බවටත් ඔහු එහිදී සඳහන් කලයේ.

Trending

Exit mobile version