හැකි ඉක්මනින් උදෑසනම ඡන්දය භාවිතා කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අද (14) පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීමේ කටයුතු සිදුවන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.
අනන්‍යතාව තහවුරු කර ගැනීමේ ලේඛණයක් සමඟ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව රැගෙන ඡන්ද පොළට පැමිණීමෙන් ඔබේ ඡන්දය භාවිතා කිරීමේ හැකියාව ඇති අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණද ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිතා කළ හැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේය.