ඡන්ද කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ඡායාරූපය සහිත ලිපිය මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ්.එල් රත්නායක මහතා සඳහන් කළේ, ඊට අමතරව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජාතික හැඳුනුම්පත , විදෙස් ගමන් බලපත්‍රය ඇතුළු ලියකියවිලි 8 ක් වලංගු වන බවය.
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරිමේ කාලය ඊයේ (08) දිනයෙන් අවසන් විය.
පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වෙනිදා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී පැවැත්වීමට නියමිතය.