පුවත්

ඡන්ද පත්‍රිකා බෙදාහරින දිනය ගැන දැනුම්දීමක්

Published

on

ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා ඡන්ද හිමියන් වෙත බෙදා හැරීම ලබන මස මුල දී ආරම්භ කරන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර්.ඒ.එම්.එල්.රත්නායක ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමිසන් සභා කාර්යාලයේ අද (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, දළ වශයෙන් මෙවර නිල ඡන්ද පත්‍රිකාව අඟල් 27ක් පමණ දිගකින් යුක්ත බවය.

එමෙන්ම තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතන වලට ලබාදීම එළඹෙන 26 වැනිදා ආරම්භ කරන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Trending

Exit mobile version