පුවත්

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සියල්ල සූදානම්

Published

on

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බව රජයේ මුද්‍රණාලය අනාවරණය කර තිබේ.

 මුද්‍රණයට අදාළව සිදුකරනු ලබන පරීක්ෂා කිරීම් ඇතුළු මූලික කටයුතු කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන බව රජයේ  මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ මහත්මිය මාධ්‍යට පවසා ඇත.

අක්ෂර දෝශ සහ ඡන්ද පත්‍රිකාවල නිවැරදි කිරීම් ඇතුළු සියලු දේ නැවත පරීක්ෂා කර එහි නිරවද්‍යතාවය මැතිවරණ කොමිසමෙන් යළි විමසා බලා මුද්‍රණයට අදාළව සිදුකරනු ලබන කාර්යයන් මේ දිනවල සිදුකරන බව ඇය හෙළිකර තිබේ.

අනතුරුව පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ලබන සතියේදී සිදුකිරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය අනෙකුත් ලියකියවිලි මුද්‍රණ කටයුතු දැනටමත් රජයේ මුද්‍රණාලය මගින් සිදුකෙරෙන බව ද රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළාය.

Trending

Exit mobile version