ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ සිට ඡන්ද මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක්, මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් බූස්ස වැල්ලමඩ ප්‍රදේශයේ අද (13) උදෑසන අනතුරක් සිදුව තිබේ.
එහිදී පොලිසිය මැදිහත්වී අනතුරට පත් බස් රථයේ තිබූ ඡන්ද පෙට්ටි වෙනත් වාහනයකින් ඡන්ද මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කිරීමට කටයුතු කළ බවයි වාර්තා වේ.
එමෙන්ම මෙම අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැත.