Connect with us

පුවත්

ඡන්ද මධ්‍යස්ථාන ලෙස  විහාරස්ථාන යොදා ගැනීම ගැන කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

මහ මැතිවරණයට පසු දිනය පොහොය දිනයක් වුවද විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට විහාරාධිපතිවරුන් බහුතරයක් කිසිදු අකමැත්තක් පළ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව විහාරස්ථාන 2,263ක් මෙවර මහ මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට නියමිතය.

කඨින පුජෝත්සව පැවැත්වීම හේතුවෙන් ඊට යම් බාධාවන් එල්ලවිය හැකි බව විවිධ පාර්ශව මත පළ කර තිබුණ ද ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් හරහා විහාරස්ථානවලින් විමසීමක් සිදුකළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා,

“2024 නොවැම්බර් 14 වෙනිදා පාර්ලිමේන්තු ඡන්ද විමසීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කර තිබෙනවා. ඒ අනුව නියමිත පරිදි නොවැම්බර් මාසයේ 14 වෙනිදා පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙනවා.

ඒ වගේම පසුගිය දිනවල සමාජයේ කතිකාවතක් තිබුණා ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ආශ්‍රිතව කඨින පුජා පිංකම් පැවැත්වෙන නිසා ඡන්ද විමසීමට බාධාවක් බවට යම් යම් සංවිධානවලින් පැමිණිලි සහ යම් අදහස් පළ වෙමින් තිබුණා. ඒ අනුව අපි සියලුම දිස්ත්‍රික්වල තේරීම්භාර නිලධාරීන් මඟින් අදාළ විහාරස්ථානවල හිමිවරුන්ගෙන් මේ ගැන කැමැත්ත විමසා සිටියා. විහාරස්ථාන 2,263ක ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. එයින් විහාරස්ථාන 2,203ක විහාරාධිපති හිමිවරු කැමැත්ත පළ කරලා තියෙනවා. කඨින පිංකම් නිසාවෙන් විහාරස්ථාන 45ක සහ වෙනත් හේතු මත විහාරස්ථාන 15කුත් ඡන්ද මධ්‍යස්ථාන විදියට යොදා ගැනීමේ හැකියාවක් නෑ. එම ස්ථානවල තිබුණ ඡන්ද මධ්‍යස්ථාන වෙනත් ස්ථානවලට මාරු කරලා තියෙනවා.”

මේ අතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් හෙට (06) දිනයේ දී මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අදාළ රැස්වීම පැවැත්වෙනු ඇත.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ඊයේ (04) දිනයේ දී ද සිදුකෙරුණු අතර තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු ඡන්දදායකයින් සඳහා මෙම මස 07 සහ 08 යන දිනවල ද ඊට අවස්ථාව සැලසේ.

මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සියයට 75කට අධික ප්‍රමාණයක් නිවාස වෙත බෙදාහැර අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

පුවත්

ඩෙංගු අධි අවදානම් කොට්ඨාස 38ක්

Published

on

By

ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශ 38ක් හඳුනා ගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ, මැයි මාසයේ මේ දක්වා රෝගීන් 2,200ක් හඳුනාගෙන ඇති බවයි.

මේ අතරින් රෝගීන්ගෙන් 47% ක් ම බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 20,000ක් පමණ හඳුනා ගෙන ඇති බව ද වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඩෙංගු හා චිකුන් ගුන්යා රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් ඇති බවය.

මෙම රෝග දෙකේම වාහකයා එකම මදුරුවෙකි.

ඩෙංගු මදුරු මර්දනය සඳහා ලබන 19 වැනිදා සිට 24 වැනිදා දක්වා විශේෂ ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව වෛද්‍ය සදත් සමරවීර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, දිස්ත්‍රික්ක 15ක එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

Continue Reading

පුවත්

Aqua, Prius ආනයනය නවතා දමයි

Published

on

By

වාහන ඉල්ලුම බලාපොරොත්තු වූ තරමට නොවීම හේතුවෙන් මෙරටට ආනයනය කරන මෝටර් රථ මාදිලි කිහිපයක ආනයනය නවත්වා ඇති බව වාර්තා වේ.

මේ අතර වූ ප්‍රධාන මාදිලි වන්නේ ටොයොටා සමාගමේ ඇක්වා (Aqua)  සහ ප්‍රියස් (Prius) මෝටර් රථයි.

නව බදු අනුපාත හේතුවෙන් මෙම වාහනවල මිල අධික ඉහළ යාම නිසා ආනයනකරුවන් විසින් එම මාදිලි ආනයනය තාවකාලිකව අත්හිටුවා ඇත.

ඉහළ බදු අනුපාත හේතුවෙන්  මධ්‍යම පාන්තික ග්නුම්කරුවන්ගේ  වාහන ඉල්ලුම සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.

එසේ නමුත්  වාහන මිල ගැන වැඩි නොසලකන ධනවත් පිරිසක් සාමාන්‍ය පරිදි වාහන මිලදී ගන්නා නිසා, සුඛෝපභෝගී මෝටර් රථ ආනයනය වැඩි වශයෙන් සිදු වන බව ආනයනකරුවෝ පවසති.

Continue Reading

පුවත්

කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍යධූරය ගැරී ආනන්දසංගරීට

Published

on

By

කැනඩාවේ නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස  ශ්‍රී ලාංකේය දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී (Gary Anandasangaree) මහතා පත් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස, ගැරී ආනන්දසංගරී මහතා මහජන ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, හදිසි අවස්ථා කළමනාකරණය, පුරවැසිභාවය, සහ දේශසීමා ආරක්ෂාව ඇතුළු බොහෝ වැදගත් වගකීම්වලට නායකත්වය දෙනු ඇත.

2025 මැයි 13 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද සැලකිය යුතු කැබිනට් ප්‍රතිසංවිධානයක කොටසක් ලෙස මෙම පත්වීම සිදුව ඇති අතර, එය මැතිවරණයෙන් සති දෙකකට පසුව සිදු කරන ලදී.

මීට පෙර ගැරී ආනන්දසංගරී කැනඩාවේ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved