ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) සිට ලබන 20 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ සංචාරයක නිරත වෙයි.
ඒ, ඉන්දුනීසියාවේ බාලි නුවරදී පැවැත්වෙන ජගත් ජල සමුළුවට සහභාගී වීම සඳහාය.
මේ අතර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද, අද ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට නියමිතය.
ඒ, ජගත් ජල සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා ය.
සමුළුව හෙට සිට ලබන 21 වැනිදා දක්වා පැවැත්වෙයි.
හිටපු ජනාධිපතිනිය එම සමුළුවට සහභාගී වන්නේ, ඉන්දුනීසියා රජයේ සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතිවරුන්ගේ කවුන්සිලයේ ආරාධනයකට අනුවයි.