Connect with us

පුවත්

ජගත් යෝගා දිනයට ලංකාවේ සැමරුම්

Published

on

කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, එහි සංස්කෘතික අංශය වන කොළඹ, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය, යාපනය ඉන්දියානු කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය, හම්බන්තොට ඉන්දියානු කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය සහ මහනුවර සහකාර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය 9 වන ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් 2023 ජූනි 17 – 21 අතර දිවයින පුරා විවිධ වැඩසටහන් සංවිධානය කර ඇත.

“වාසුධායිව කුටුම්බකම් සඳහා යෝගා” යන තේමාව යටතේ සුවිසල් මහජන වැඩසටහනක් 2023 ජූනි 17 වන දින පෙ.ව. 6.45 සිට කොළඹ, නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු විවිධ සහකරුවන් සමඟ සහයෝගීව පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා මහජනතාවට නොමිලේ සහභාගී විය හැක. මහ කොමසාරිස් කාර්යාලය ජූනි 21 වන දින තවත් යෝගා වැඩසටහනක් කොළඹ වරායේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මෙසේද පවසා සිටියි :

9 වන ජාත්‍යන්තර යෝගා දිනයේ විශේෂ පියවරක් ලොව පුරා සිටින යෝගා ලෝලීන් ලෙස එකට එක් කරනු ඇත. මෙම වසරේ දී “ගෝලීය සාගර වළල්ලක්” නිර්මාණය කරමින් ලොව පුරා තෝරා ගන්නා ලද වරායන් හිදි යෝගා වැඩසටහන් පැවැත්වෙනු ඇත. සුවතාවය යන පොදු අරමුණ මත ලොව පුරා ජනතාව එකට එක් කරන 2023 ජාත්‍යන්තර යෝගා දිනය ඉන්දියාවේ වර්තමාන G20 සභාපතිත්වයේ තේමාව වන වාසුධායිව කුටුම්බකම් එනම් “එක් පෘථිවියක්, එක් පවුලක්, එක් අනාගතයක්”යන තේමාව  හා සමපාත වේ.

කායික සහ මානසික සුවතා අංගයක් ලෙස ශ්‍රී ලාංකිකයන් වෙත යෝගා ව්‍යායාම ප්‍රවර්ධනය කිරීම සඳහා ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් 2023 ජාත්‍යන්තර යෝගා දිනය දක්වා වන දින 50 තුළ විශේෂ වැඩසටහන් සංවිධානය කරන ලදී. 2023 මැයි 1 වන දින සිට ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් රාජ්‍ය ආයතන, යෝගා මධ්‍යස්ථාන සහ දේශීය සහකරුවන් සමඟ එක්ව යෝගා වැඩසටහන්, වැඩමුළු, දේශන සහ විවිධ වයස් කාණ්ඩ සහ වෘත්තිකයන් සඳහා ඉදිරිපත් කිරීම් පවත්වන ලදී. දේශීය වෛද්‍යවරුන් සඳහා පැවති යෝගා වැඩමුළුව, කොළඹ, නගර සභා පිටියේ පැවති යෝගා සැසිය සහ මේ වන විට දිවයින පුරා පැවැත්වෙන ආරක්ෂක අංශ සඳහා තෙදින වැඩමුළුව යනාදිය මේ අතරින් සුවිශේෂ වේ.

2014 වසරේදී ඉන්දියාවේ මූලිකත්වයෙන් ගෙන එන ලද යෝජනාවක් සම්මත කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සෑම වසරකම ජූනි 21 වන දින “ජාත්‍යන්තර යෝගා දිනය” ලෙස නම් කරන ලදී. මෙම යෝජනාව සඳහා රටවල් 170ක් සහය ලබා දුන් අතර ශ්‍රී ලංකාව එහි සම අනුග්‍රාහකයකු විය.

ආයුර්වේදය මෙන්ම යෝගා ව්‍යායාම ද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් බෙදාහදා ගන්නා උරුමයේ කොටසකි. ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල 2015 වසරේ සිට ශ්‍රී ලංකා නායකත්වය සහ ජනතාවගේ සහභාගීත්වයෙන් ජාත්‍යන්තර යෝගා දිනය මහත් උනන්දුවකින් සමරයි. පසුගිය වසරවලදී පැවැත්වූ වැඩසටහන් සඳහා සහභාගී වූ පිරිස දහස් ගණනකි. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020 සහ 2021 වසරවලදී අතථ්‍ය අයුරින් ද 2022 වසරේදී නිදහස් චතුරස්‍රයේ දී හයිබ්‍රිඩ් අයුරින් පැවති වැඩසටහන් සඳහා ද ජනතාව මහත් උනන්දුවකින් සහභාගී වූහ.

පුවත්

කඳාන වෙඩිතැබීමකින් හිටපු ඇමති ගේ පෞද්ගලික ලේකම්ට තුවාලයි!

Published

on

By

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු හට කඳාන ජනතා පොළ ආසන්නයේදී අද (ජූලි 03) වෙඩි තබා තිබේ.

මෙම සිද්ධියෙන් හිටපු අමාත්‍ය – මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සමීර මනහර මහතා ද තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

තුවලකරුවන් රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ

Published

on

By

ආඩම්බරකාර ටෙලිවිෂන් සම්ප්‍රාප්තිය ලෙස වර ගන්වමින් මීට වසරකට පෙර ආරම්භ කරන ලද මොනරා TV වසා දැමීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, එහි සේවකයන්ට දන්වා ඇත්තේ පරිපාලන අවුලක් නිරවුල් කර ගැනීමට මෙය තාවකාලිකව වසා දැමුණු බවයි.

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයට අනුබද්ධිතව ආරම්භ කරන ලද මොනරා TV ඉකුත් 2024-06-25 වැනිදා වෝටර්ස් එජි හි විශාල උත්සවයක් පවත්වා ආරම්භ කරන ලදී.


එහි ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේ බුද්ධික වික්‍රමාදර මහතා ය.

කෙසේවුවද, ආදළ රූපවාහිනී නාලිකාවට ටෙලිනාට්‍ය සපයන ලද ටෙලිනාට්‍ය නිෂ්පාදකයින්ට රුපියල් ලක්ෂ 2000 ක පමණ හිඟ මුදල් පවතින බවද පැවසේ.

මේ අතර, ආර්ථික කඩාවැටීමකින් ක්‍රියාත්මක වන ස්වර්ණවාහිනී නාලිකාවද දැඩි මූල්‍ය අර්බුදයක සිටින බව පැවසේ.

ස්වර්ණවාහිනිය කලක සිට ටෙලිනාට්‍ය වලට ගෙවනු ලැබුවේ කොටස් 60ක් පමණ එම නාලිකාවේ විකාශයවීමෙන් පසුව බවද වාර්තා වේ.


ඒ අනුව ටෙලිනාට්‍ය නිෂ්පාදකයකුට රුපියල් ලක්ෂ 150ක් පමණ ටෙලිනාට්‍යකට ආයෝජනය කර එහි මුදල් ලබා ගැනීමට මාස තුනකට ආසන්න කාලයක් බලා සිටීමට සිදුව ඇති බව ද ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු අප වෙත පැවසීය.

එසේ මුදල් ගෙවීමේදී ද මුදල් ගෙවනු ලබන්නේ කොටස් 5ක් වැනි ප්‍රමාණයකට බවද වාර්තා වේ.


මේ පිපිරීමත් සමඟ ටෙලිනාට්‍ය නිෂ්පාදකයින් දැඩි අර්බුදයක පවතින බවද වාර්තා වේ.
එසේම, ස්වර්ණවාහිනියේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරී සුසාර දිනාල් මහතා එම ධූරයට පත්වීමට පෙර එයට ටෙලිනාට්‍ය සැපයූ ටෙලි නිෂ්පාදකයින්ට ඔවුන්ගේ විකාශය වූ ටෙලිනාට්‍යවල මුදල් ලබා ගැනීම තවත් අපහසුව ඇතැයි වාර්තා වේ.

ඒ අදාළ මුදල් සුසාරට පෙර එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ උදාර විජේසිංහ මහතාගෙන් ඒවා ඉල්ලා ගන්නා ලෙස වත්මන් පාලන අධිකාරිය විසින් පැවැසීම නිසාය.

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ හිමිකරුවන්නේ ලයිකා මොබයිල් හිමිකාර සුභාෂ්කරන් අලි රාජා මහතා ය.

Continue Reading

පුවත්

අයවැයෙන් ඉහළ දැමු විශ්‍රාම වැටුප් මේ මාසයේ සිට

Published

on

By

අයවැයෙන් ඉහළ දැමීමට තීරණය කළ, වීශ්‍රාම වැටුප් මේ මාසයේ සිට ලබාදෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, විශ්‍රාමික රාජ්‍ය සේවකයින් ලක්ෂ 5කට අධික පිරිසකට එම ඉහළ දැමූ විශ්‍රාම වැටුප් හිමි වන බවයි. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved