මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට අයත් ට්‍රිලියම් ප්‍රොපර්ටි මැනේජ්මන්ට් සමාගම සේවක අර්ථසාධක අරමුදල් නොගෙවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර තිබේ.
කොළඹ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙසේ සිතාසි නිකුත් කර ඇත.
ඒ අනුව ට්‍රිලියම් ප්‍රොපර්ටි මැනේජ්මන්ට් සමාගමේ අයිතිකරුවන්ට ලබන 21 වැනිදා පෙරවරු 9ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත.
ට්‍රිලියම් ප්‍රොපර්ටි මැනේජ්මන්ට් ආයතනය අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගෙන් සමන්විත වන අතර ජනකට අමතරව එහි අනෙක් අධ්‍යක්ෂවරුන් වන්නේ ඔහුගේ පුතුන්වන රචිත රත්නායක හා ලේක්‍යා රත්නායක යන දෙදෙනාය.