පුවත්

ජනකගේ තනතුර ඩග්ලස්ට!

Published

on

මහජන උපයෝගිතා කොමිසමේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන ඩග්ලස් නානායක්කාර මහතා පත්කිරීමට ව්‍යවස්ථා සභාවට නිර්දේශ කෙරෙනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

නානායක්කාර මහතා දැනට මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස ක්‍රියා කරයි.

1983 වසරේ පරිපාලන සේවයට එක්වූ හෙතෙම රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු රැසක් දැරූවෙකි. 

අමාත්‍යංශ අතිරේක ලේකම්, අමාත්‍යංශ ලේකම් ආදී උසස් පදවි දරා විශ්‍රාම ගත් හෙතෙම පසුගිය ජූලි මස සිට මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස පත් කරනු ලැබීය.

ඒ් අනුව හිටපු සභාපති ජනක රත්නායක මහතා පාර්ලිමේන්තුව විසින් ඉවත් කිරීමෙන් හටගත් පුරප්පාඩුවට ඩග්ලස් නානායක්කාර මහතා පත්කෙරෙනු ඇතැයි පැවස‌ේ.

Trending

Exit mobile version