ගෙවී ගිය දිනවල ජනාධිපතිවරණ අපේක්ෂකයන් සූදානම් කිරීම සඳහා වන සාකච්ඡා කිහිපයක්ම පන්සල් කේන්ද්‍ර කර කරමින් පැවැති බවද දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඒ අනුව ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ විහාරස්ථානයේ ජනපතිවරණ අපේක්ෂකයකු පිළිබඳ සාකච්ඡාවක් පවත්වා ඇතැයි පැවසේ.
එහි අපේක්ෂකයා බොහෝ විට මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා විය හැකි බවද වාර්තා වේ.
මේ අතර මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ විහාරස්ථානයේද ජනාධිපතිවරණ අපේක්ෂකයකු පිළිබඳ තීරණයකට එළඹීම සඳහා සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
එසේම, මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමිගේ විහාරස්ථානයේද එවැනිම සාකච්ඡාවක් පැවැති බවත්, අදාළ පන්සල් දෙකේම ජනපති අපේක්ෂකයා ලෙස සරත් වීරසේකර මහතා පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව පැවසේ.
මැඩිල්ලේ හිමිගේ පන්සලේ සාකච්ඡාවට සරත් වීරසේකර, අනුරාධා යහම්පත් ඇතුළු ජාතිකවාදී කඳවුර නියෝජනය කරන පිරිසක් රැස්වූ බවද වාර්තා වේ.