Connect with us

පුවත්

“ජනතාව ඡන්දය දුන්නේ හොරු අල්ලන්න මිසක් වාහන කෑලි ගලවන්න නෙවෙයි”

Published

on

රටේ ජනතාව වත්මන් රජයට ඡන්දය දී තිබෙන්නේ දූෂණය, වංචාව සහ අල්ලස වළක්වා රට පිරිසුදු කිරීමට මිස රථවාහනවල අමතර කොටස් ඉවත් කර රථවාහන පිරිසුදු කිරීමට නොවන බව හිටපු ඇමැති සරත් වීරසේකර මහතා පවසයි.

Cලේන් Sරි ළන්ක නම් දූෂණය වළක්වා, හොරු ඇල්ලීම, අල්ලස් ගැනීම නැවැත්වීම සහ රට පිරිසුදු කිරීම බව පෙන්වා දෙන ඒ මහතා මේ අසරණ ත්‍රීවීල්, බස් රථ සහෝදරයන්ට අනවශ්‍ය ලෙස හිරිහැර කරන්න එපා යැයි ඉල්ලීමක් කරන බවද පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

වැඩිදුරටත් අදහස් පළ කළ හිටපු ඇමැති සරත් වීරසේකර මහතා,

“Cලේන් Sරි ළන්ක කියලා වැඩසටහනක් ආරම්භ කරලා මේ රජය අවංක චේතනාවකින් මේ රට Cලේන් කරන්න පටන් ගන්න ඇති. ජනතාව ඡන්දය දුන්නේත් මේ අය රට ගත්තෙත් මේ රට පිරිසුදු කරනවා කියලයි. එහි අර්ථය වුණේ මේ රටේ දූෂණය වැළැක්වීම, වංචාව වැළැක්වීම සහ අල්ලස වැළැක්වීම කියන අර්ථයෙන් මේ පිරිසුදු කරනවා කිව්වේ.

Cලේන් Sරි ළන්ක තුළින් ඒ කුණු ගොඩවල්, කානු පවිත්‍ර කරනවා නම් හොඳයි. ඒ වගේම මාධ්‍යවලින් අපි දැක්කා ආපනශාලාවල අපිරිසුදුකම. මේවත් ඒ වැඩසටහන තුළින් පිරිසුදු කළොත් හොඳයි. ඔය ත්‍රීවිල්වල, පෞද්ගලික බස්රථවලට යොමු කරන කාලය නවත්වලා මේවා සඳහා කාලය යොමු කළොත් අපිට Cලේන් Sරි ළන්ක එකක් සොයා ගන්න පුළුවන්.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Cලේන් Sරි ළන්ක නම් දූෂණය වළක්වා, හොරු ඇල්ලීම, අල්ලස් ගැනීම නැවැත් වීමයි. ඒ වගේම රට පිරිසුදු කිරීමයි.”

පුවත්

“විසුම්පාය” සංචාරක ව්‍යාපෘතියකට බදු දෙයි

Published

on

By

රාජ්‍ය නායකයන් රැසක් සිය නිල නිවාසය ලෙස පාවිච්චි කරන ලද “විසුම්පාය” ගොඩනැගිල්ල සංචාරක ව්‍යාපෘතියක් වෙනුවෙන් බදු දීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු කරගෙන යන බව නිවාස ඉදිකිරීම් සහ නාගරික සංවර්ධන අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පැවසීය.

යටත් විජිත සමයට අයත් වූ විසුම්පාය ව්‍යාපාර පවරා ගැනීමේ පනතේ 35 වැනි වගන්තිය යටතේ 1971 වර්ෂයේදී රජය සතු දේපළක් ලෙස රජයට පවරා ගනු ලැබීය.

මෙම සුවිසල් ගොඩනැගිල්ල තමන්ගේ නිල නිවාසය බවට පත්කරගත් දේශපාලනඥයෝ රැසක් වෙති. ඒ පිරිසට සිරිමාවෝ බණ්ඩාරනායක, දි.මු. ජයරත්න, අනුරුද්ධ රත්වත්තේ, ලක්ෂ්මන් කදිරගාමර්, මංගල සමරවීර, මහාචාර්ය ජී, එල්. පීරිස් යන අය ඇතුළත්ය.

විසුම්පාය කොළඹ පිහිටා ඇති සුන්දර ගොඩනැගිල්ලකි. ඉන්දීය හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි, ලංකාවට පැමිණි අවස්ථාවේදී ඇයගේ නවාතැන වූයේද විසුම්පායයි.

මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading

පුවත්

යුද අපරාධ සහ වගවීමේ වැඩසටහන් රැසකට අමෙරිකානු අරමුදල් නතර කිරීමට නිර්දේශ – ශ්‍රී ලංකාවත් ඒ අතර

Published

on

By

විවිධ රටවල සිදුවූ බව කියන යුද අපරාධ සහ ඊට අදාළ වගවීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් 24කට ආසන්න සංඛ්‍යාවක් සඳහා අමෙරිකානු අරමුදල් සැපයීම නතර කිරීමට ධවල මන්දිරය නිර්දේශ කර තිබේ.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ මෙලෙස අරමුදල් නතර කිරීමට පියවර ගෙන ඇති වැඩසටහන්වලට අදාළ රටවල්වලට ශ්‍රී ලංකාව, ඉරාකය, සිරියාව සහ රුසියාව ද ඇතුළත් බවය.

Continue Reading

පුවත්

වසර 5 ක් තුල සැකකරුවන් 79ක් මියයයි

Published

on

By

වසර 5 ක් ඇතුළත පොලිස් අත්අඩංගුවේ සිටියදී හා අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරුවන් 79 දෙනෙකු මියගොස් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

එහි කොමාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් 49 ක් හා අත්අඩංගුවට ගැනීමට යාමේදී  30 දෙනෙක් එලෙස මියගොස් ඇති බවය.

ඒ තත්ත්වය යටතේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී හා අත්අඩංගුවට ගැනීමෙන් පසු කටයුතු කල ආකාරය සම්බන්ධයෙන් පොලීසිය වෙත මාර්ගපෝදේශයක් නිකුත් කිරීමට කටයුතු කළ බව නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.

එම මාර්ගෝපදේශය වැඩබලන පොලිස්පතිතුමා විසින් චක්‍රලේඛයක් ලෙස සියලු පොලිස් ස්ථාන වෙත යොමුකර ඇතැයිද නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved