පුවත්

ජනතාව පීඩාවට පත් කරන වෘත්තිය සමිති ලොක්කන්ට දඬුවම් කරන්න

Published

on

ජනතාව පීඩාවට පත් කරන වෘත්තිය සමිති නායකයන් සම්බන්ධයෙන් අදාළ ඇමතිවරුන් නොපමාව දැඩි පියවර ගත යුතු යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.

ඔහු සඳහන් කළේ, රටේ ආර්ථික අර්බුදය සමග සෑම දෙයක්ම කිරීමට නොහැකි බව එම පුද්ගලයින් තේරුම් ගත යුතු බවත්, රටේ ජනතාව බොහෝ දුරට එම තත්ත්වය තේරුම් ගෙන සිටින බවය.

යම් යම් දේශපාලන න්‍යාය පත්‍ර මත ඇතැම් වෘත්තිය සමිති නායකයන් ගන්නා තීරණ හේතුවෙන් ජනතාව පීඩාවට පත්වන බවත්, දුම්රිය වර්ජන හේතුවෙන් ඇතිවූ තදබදය නිසා මගියකු දුම්රියෙන් වැටීමිය ගිය බවත් ඔහු එහිදී සඳහන් කලේය.

Trending

Exit mobile version