මේ සියවසේ මගහැරුණු ජයග්‍රහණ යළි රටට අත්කර දීමටත් එකි ජනතා සිහින යථාවක් කිරීමටත් නව වසරේදී තවත් වීර්යයෙන් හා සද්අධිෂ්ඨානයෙන් කැපවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
2025 නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතා හිතෛශී පාලනයක් ඇති කරමින් සියලු දෙනා එකාවන්ව දුටු සංවර්ධිත ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහිනය යථාර්ථවත් කිරීමේ අවස්ථාව දැන් අප සැමට හිමිව ඇති බවයි.
අත්හල නොහැකි එම භාරදූර වගකීම අප සියලු දෙනාගේ දෙවුර මත පැටවී ඇති බව ද ජනාධිපතිවරයා සිහිපත් කර සිටි.