Connect with us

පුවත්

ජනපතිගෙන් රාජ්‍ය යාන්ත්‍රණය අල්ලාගන්නට යන පිරිසක් ගැන පුබුදුගෙන් හෙළිදරව්වක්

Published

on

හොරකම්, වංචා, දූෂණ නතර කිරීම සහ රාජ්‍ය පාලනය ප්‍රභූන්ගෙන් බේරා ගැනීම යන අභිලාශයන් ජනතාවට තිබුණු බවත්, දැන් අන්තිමට ප්‍රභූ රාජ්‍ය නිලධාරීන්, ජාවාරම්කාර ව්‍යාපාරික තක්කඩි නැවත පැමිණ රාජ්‍ය යාන්ත්‍රණය අත්පත් කරගනිමින් සිටින බව ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික පුබුදු ජයගොඩ මහතා කියයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

නව ජනාධිපතිවරයාගෙන් හා ජාතික ජනබලවේගයෙන් සිය සංවිධානයට එයට ඉඩ නොදෙන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ගිය වැඩ පිළිවෙළ එලෙසම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද එකඟතාවයකට පැමිණ ඇති බවට ද ජාගොඩ මහතා චෝදනා කරයි.

පුවත්

මාතර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කෙරේ

Published

on

By

මාතර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේවනවිට පාලනය කර ඇති බව පොලීසිය පවසයි.

එම බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර එම ගැටුම හටගත් බව පොලීසිය පැවසීය.

එය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩිතබා තිබේ.

කෙසේවෙතත් නොසන්සුන්තාවය පාලනය කර ගත නෙහැකි වීම හේතුවෙන් ඊයේ (22) රාත්‍රී කඳුළු ගැස් ප්‍රහාරයක් ද එල්ල කිරීමට සිදුව වූ බව පොලීසිය පවසයි.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවීමට පියවර ගත් බව වාර්තා විය.

මාතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් වෙනත් බන්ධනාගාරයක් වෙත රැගෙනයෑමට උත්සාහ කිරීමේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බව සඳහන්ය.

එහිදී වාට්ටුවකින් පිටතට පැමිණ ඇති රැඳවියන් 500 දෙනෙකු පමණ  ඊට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරීමත් සමඟ මෙම තත්ත්වය මතුව ඇති බව වාර්තා වෙයි. 

Continue Reading

පුවත්

රිලා සංගණන ප්‍රතිඵල අද!

Published

on

By

වගාවට හානි කරන රිළවා ඇතුළු සතුන් සම්බන්ධයෙන් සිදු කරන ලද සංගණන වාර්තාව අද (23) එළි දැක්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

රිළවා, වඳුරා, දඬු ලේනා සහ මොනරා යන සතුන් සම්බන්ධව මෙම සංගණනය සිදු කෙරුණි.

මෙම සංගණනයට අනුව දිවයිනේ කැලෑ ප්‍රදේශ හැර වගා ඉඩම් හා ගම් නගර ආශ්‍රිතව රිළවුන් ලක්ෂ 80 ක් පමණද, වඳුරන් ලක්ෂ 40 ක් පමණ සිටින බවට ද තොරතුරු අනාවරණය වී තිබිණි.

කෙසේ නමුත් සංගණන පත්‍රිකාවල රිළවුන් සංඛ්‍යාව දෙතුන් ගුණයකින් වැඩිකර ඇතැම් ගොවීන් සඳහන් කර ඇතැයිද අමාත්‍යාංශය කියයි. මේ නිසා මිහින්තලේ, කැකිරාව ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලට නැවත නිලධාරීන් යොදවා දෙවැනි වරටත් සංගණනයක් සිදු කෙරුණි.

Continue Reading

පුවත්

ඩෑන් මියගියා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Published

on

By

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඊයේ  (22)  රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

ඩෑන් ප්‍රියසාද් මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ රාත්‍රියේ සඳහන් කර සිටියේය.

කෙසේවෙතත් පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ෙසඳහන් කළේ වෙඩි වැදුණු ඩෑන් ප්‍රියසාද්, මියගොස් නොමැති බව සහ අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

අනතුරුව අද උදෑසන පොලිස් මාධ්‍ය කොට්ඨාස විසින් තහවුරු කර තිබුණේ වෙඩි වැදී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් මියගොස් ඇති බවය.

වෙඩි ප්‍රහාර දෙකක් ඩෑන් ප්‍රියසාද්ගේ උරහිස ප්‍රදේශයට සහ තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපුව ප්‍රදේශයට එල්ල වී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved