Connect with us

පුවත්

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Published

on

ජුනි 26 වනදා මෙරට නිලණය හිමියන් සමඟ ණය ආපසු ගෙවීම පිළිබඳව එකඟතාවයන්ට එළඹීමට හැකි වූ බවත් කැබිනට් මණ්ඩලය විසින් බලය පවරන ලද නිලධාරීන් මෙරට නියෝජනය කරමින් එම එකඟතාවන්ට හා ගිවිසුම වලට අත්සන් තැබූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

ඔහු ඒ බව සඳහන් කළේ, පාර්ලිමේන්තුවේදී අද (02) විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ විදේශණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 37 ක් වන අතර, එයින් ඩොලර් බිලියන 10.6ක් ද්වී පාර්ශ්වීය ණය වන බවත්, ඩොලර් බිලියන 11.7ක් බහු පාර්ශ්වීය ණය වන බවත්, ඩොලර් බිලියන 14.7 ක් වාණිජ ණය වන අතර එයින් ඩොලර් බිලියන 12.5 ක් ස්වෛරී බැඳුම්කර වන බවත් ඔහු සඳහන් කලේය.

ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ, ණය ප්‍රතිව්‍යුහගත කරණය සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතදීද විවිධ අදහස් පළ කෙරෙන නමුත් එම ඇතැම් කරුණු සත්‍යතාවයෙන් තොර බවය.

පුවත්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ (UPDATE)

Published

on

By

ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය අද (06) දහවල් 12 සිට මුහුදුබඩ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අහිටුවා තිබේ.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂ සහිත තත්ත්වයට විසදුම් ඉල්ලා එම සංගමය අද (06) දහවල් 12 සිට මුහුදුබඩ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමේ සූදානමකින් සිටියේය.

කෙසේ නමුත් අදාළ ගැටලුව සම්බන්ධයෙන් අද උදෑසන දුම්රිය සාමානාධිකාරීවරයා සමග සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එහිදී ඔවුන්ට සාධනීය පිළිතුරක් ලැබීම හේතුවෙන් සැලසුම්කර තිබූ තීරණය ක්‍රියාක්මක නොකිරීමට තීරණය කර ඇත.


(පෙර පුවත 2025 ජූනි 06 පෙ.ව.8.31 )

දුම්රිය රියැදුරන් පිරිසක් අද වර්ජනයක

දුම්රිය රියැදුරන් අද (06) දහවල් 12 සිට  මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා ප්‍රකාශ කළේ, පානදුර හා මොරටුව අතර සංඥා පද්ධතියේ දෝෂය නිවැරදි නොකිරීම හේතුවෙන් එම පියවර ගත් බවය.

මොරටුව, මෝදර ප්‍රදේශයේදි දුම්රිය පීල්ලක් කැඩී යාම හේතුවෙන් සාගරිකා දුම්රිය ඊයේ (05) එම ස්ථානයේ නතර කෙරිණි.

ඒ, එය දුටු පුද්ගලයෙකු දැඩි වෙහෙසක් දරා දුම්රිය නතර කරන ලෙසට සංඥා කිරීමත් සමගය.

එම අවස්ථාවේ දුම්රිය  මාර්ගය තාවකාලික වසා දමා දැමුණි.

එසේ තිබියදී පානදුර සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ධාවනය කෙරි ඇති අතර සංඥාවලින් පෙන්නුම් කර තිබුණේ, බාධාවකින් තොරව දුම්රිය ඉදිරියට ධාවනය කළ හැකි බව අගවන කොළ පැහැති ආලෝකයයි.

එහිදි දුම්රිය අනතුරක් සිදුවීමට යාම වැලැකුණේ අදාළ දුම්රියේ රියැදුරුගේ විමසිලිමත් බව හේතුවෙනි.

Continue Reading

පුවත්

මර්වින් සිල්වාට ඇප

Published

on

By

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇප මත මුදාහැර තිබේ.

අල්ලස් කොමිසම විසින් හිටපු කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතාට අද (06) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දෙන ලදී.

ඒ සිය නිත්‍යානුකූල ආදායම අබිභවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමිනි.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධිචෝදනා විත්තිකරුට භාර දීම සිදුවිය.

ඉන් අනතුරුව විත්තිකරු ඇප මත මුදා හැරීමට අධිකරණය විසින් නියම කරන ලදී.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දයාසිරි ගැන සොයන කමිටුවෙන් ගයන්ත ඉවත් වේ

Published

on

By

දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවෙන් ගයන්ත කරුණාතිලක මහතා ඉවත් වී තිබේ.

අද (06) දිනයට අදාළ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින් කථානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.

ඒ අනුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා වෙනුවට නීතිඥ රවුෆ් හකීම් මහතා පත්කළ බව ද කථානායකවරයා දන්වා සිටියේය.

ඉකුත් මැයි 20වනදා පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධව ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් මෙම ත්‍රිපුද්ගල කමිටුව පත්කර තිබුණි.

මෙම කමිටුවේ සභාපති ලෙස නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය කටයුතු කරන අතර, අනෙක් සාමාජිකයා වන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved