Connect with us

පුවත්

ජනපතිගේ අධ්‍යක්ෂ ජනරාල් ගුණසිරි තවත් බාර් ලයිසන් 22ක් ඉල්ලයි!

Published

on

නව සුරාබදු බලපත්‍ර 22 ක් නිකුත් කිරීමට අදාළව නිරීක්ෂණ සහ වැඩිදුර නිර්දේශ ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (රජයේ ආදායම්) විසින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ලිපියක් මගින් දැනුම්දී ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (රජයේ ආදායම්) එම්.ජේ. ගුණසිරි විසින් ඉකුත් 13 වැනිදා මෙම ලිපිය යවා තිබේ.

සිල්ලර මත්පැන් අලෙවිසලක් විවෘත කිරීම සඳහා සුරාබදු බලපත්‍ර ලබාගැනීම සඳහා අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් අදාළ ලිපියේ සඳහන්කර තිබේ.

යාපනය, මාන්කුලම, කිරන්, මුලතිව්, කිලිනොච්චිය, කිතුල්ගල, බෙලිඅත්ත, හම්බන්තොට, තිස්ස, කන්නන්තොට, කොඩිකාමම්, මුල්ලියාවලෛ, මුතූර්, දෙහිවල, අමිතිරිගල, ගාල්ල, වීරකැටිය, ආයිත්තිමලේ, ඇතිලිවැව, වඳුරඹ සහ මාපලගම යන ප්‍රදේශවල සිල්ලර මත්පැන් අලෙවිසල් විවෘත කිරීමට අදාළව මෙම නිර්දේශයන් ඉල්ලුම්කර ඇත.

මෙම සුරාබදු බලපත්‍ර ලබා ගැනීමට අදාළ ඉල්ලුම්පත් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අතර, එම ඉල්ලුම්පත්වල සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් මෙහෙයුම් කොමසාරිස්වරයා විසින් ද අත්සන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතාගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ අලුතින් සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම නවතා තිබෙන බවත්, අලුතින් සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමට අදාළ ලිපියක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මෙතෙක් ලැබී නොමැති බවත්ය.

අදාළ ලිපිය පිළිබඳව හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල්, ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (රජයේ ආදායම්) එම්.ජේ. ගුණසිරිගෙන් කරන ලද විමසීමකදී ඔහු කියා සිටියේ සුරාබදු බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් යම් අයෙකු ඉල්ලීමක් කළහොත් අදාළ ලිපිය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට යොමු කිරීම පමණක් සිදු කරන බවත්, ඊට අදාළව නිර්දේශ කිරීම සම්බන්ධව බලපෑමක් සිදු නොකරන බවත්ය. 

එමෙන්ම, සුරාබදු බලපත් නිකුත් කිරීමේ බලය ඇත්තේ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට පමණක් බවද ඔහු පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයකුට සුරාබදු බලපත් නිකුත් කිරීමට නොහැකි බවත්, එය ලබාදීමේ බලය ඇත්තේ මුදල් ඇමැතිවරයාගේ නිර්දේශයට යටත්ව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට පමණක් වුවත්, ඇතැමුන් රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගෙන බලපත්‍ර ලබාදීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බව සමස්ථ ලංකා බලපත්‍රලාභී මත්පැන් අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම කීවේය.

සුරාබදු බලපත්‍රය ජනතාවට ලබාදෙන විශේෂ වරප්‍රසාදයක් බවත්, එය ලබාදීම සාධාරණ ක්‍රමවේදයක් යටතේ සිදුවියයුතු වුවත්, දැන් සිදුවන්නේ මුදලට බලපත්‍ර ලබාදීම බවත් ඔහු පැවසීය.

මෙලෙස වැරදි ආකාරයෙන් බලපත්‍ර ලබාදීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මූලාශ්‍රය – අරුණ

පුවත්

මාධ්‍යවේදීන් නොවන අයටත් Media ID දීලා

Published

on

By

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහාද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මාධ්‍ය වෘත්තීය සමිති සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ, මින් ඉදිරියට එවන් වැරදි සිදු නොවීමට දැඩි තීරණයක් ගෙන තිබෙන බවය.

ජනමාධ්‍ය හැඳුනුම්පත ලබා දීමට පෙර නියාමනයක් සිදු කර නිකුත් කිරීම් කරන ලෙසට එම නියෝජිතයින් අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සදහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් අංග සම්පූණ අධ්‍යයන පාඨමාලාවන් ආරම්භ කිරීමට කටයුතු කරන බවද නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Continue Reading

පුවත්

මර්වින් ඇතුළු පිරිස යළි රක්ෂිත බන්ධනාගාරයට

Published

on

By

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සිව් දෙනෙකු එළැඹෙන 05 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔවුන් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කිරීමෙන් අනතුරුවය.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාළ හිටපු අමාත්‍යවරයයෙකු වූ ප්‍රසන්න රණවීර මහතා තවමත් අත්අඩංගුවට ගැනීමට හැකි නොමැත.

ඒ අනුව හිටපු අමාත්‍යවරයාද අත්අඩංගුවට ගෙන එළැඹෙන 05 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහර මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලදී.

Continue Reading

පුවත්

පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම ගැන ජනපති හා විපක්ෂනායක ශෝක පණිවුඩ එක්කරයි

Published

on

By

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ශෝකය පළ කර තිබේ.

සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් උන්වහන්සේගේ අභාවය පිළිබඳව තමාගේ හෘදයාංගම ශෝකය පළ කරන බවය.

සාමය, දයානුකම්පාව සහ මනුෂ්‍යත්වය සඳහා උන්වහන්සේගේ නොසැලෙන කැපවීම ලෝකය මත නොමැකෙන සලකුණක් තබා ඇති බව ද ජනාධිපතිවරයා තැබූ X සටහනේ වැඩිදුරටත් සඳහන් ය.

උන්වහන්සේගේ දයානුකම්පාව, යුක්තිය සහ අන්තර් ආගමික සහජීවනය පිළිබඳ උරුමය ඉදිරි පරම්පරාවන්ට ආදර්ශයක් ලබා දෙනු ඇති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තවදුරටත් පෙන්වා දී ඇත.

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සිය ශෝකය පළ කර තිබේ.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ, පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම යහපත් ලොවක පැවැත්ම අපේක්ෂා කරනුන්ට බලවත් පාඩුවක් බවය.

විපක්ෂ නායකවරයාගේ සම්පූර්ණ ශෝක පණිවුඩය පහතින්

– උපුටා ගැනීම – 

“ක්‍රිස්තුස් වහන්සේ සිය අනුගාමිකයින්ට පෙන්වූයේ නපුර පිටු දකින්නටත් සියලු යහපත සඳහා ක්‍රියා කරන්නටත්ය. අති උතුම් ෆැන්සිස් පාප් වහන්සේ කිතු සමිඳුන් පෙන්වා දුන් මඟ මැනවින් හඳුනා ගනිමින් කතෝලික සභාවට ලබාදුන් නායකත්වය කතෝලික ප්‍රජාවට පමණක් නොව ලෝකවාසී සියලු ජනතාවට පරමාදර්ශයක් විය. උන්වහන්සේගේ ස්වර්ගස්ථ වීම යහපත් ලොවක පැවැත්ම අපේක්ෂා කරනුන්ට බලවත් පාඩුවකි. උන්වහන්සේගේ සරල ජීවිතය පෙන්නූ මඟ මැනවින් හඳුනා ගැනීම උන්වහන්සේට කළ හැකි සැබෑ ගෞරවයයි. සර්ගස්ථ වූ අති උතුම් ෆැන්සිස් පාප් වහන්සේට මොක්සුව ප්‍රාර්ථනා කරමු.”

– උපුටා ගැනීම අවසන් – 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved