Connect with us

පුවත්

ජනපතිගේ ඉල්ලීමට චීනය නිකන් දුන්න තෙල් අද සිට බෙදයි!

Published

on

චීන රජය විසින් මෙරට කෘෂිකර්මාන්ත කටයුතු සඳහා  පරිත්‍යාග කළ ඩීසල්  ලීටර් මිලියන 6.98ක් අද (09) සිට අස්වනු නෙලීම සඳහා ගොවි ජනතාවට නොමිලයේ බෙදා හැරීමට කටයුතු යොදා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් චීන රජයෙන් කරන ලද ඉල්ලීමක් පරිදි චීන රජය විසින් ඩීසල් ලීටර් මිලියන 10.06ක් මෙරට කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තයේ යෙදී සිටින ජනතාව මුහුණ දී සිටින ආර්ථික අපහසුතා සැළකිල්ලට ගනිමින් නොමිලයේ පරිත්‍යාග කරනු ලැබීය.

ඒ අනුව කෘෂිකාර්මික කටයුතු සදහා ඩීසල් ලීටර් මිලියන 6.98ක් ලබා දුන් අතර ඉතීරි ප්‍රමාණය ධීවර කටයුතු සඳහා යොදවනු ලැබීය.

එම ඉන්ධන තොගය ලැබෙන විටත් මෙරට ගොවි ජනතාව වගා කටයුතු අවසන් කර තිබු බැවින් එම ඉන්ධන තොගය වී අස්වනු නෙළන අවස්ථාවේ දී නොමිලයේ ම ලබා දීමට කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා  අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

මෙම ජනවාරි මාසය අවසන් වන විට අප රටේ ඇතැම් ප්‍රදේශ වී අස්වනු නෙලීම ආරම්භ වන බැවින් එම ඉන්ධන තොගය වී වගා කරන ගොවි ජනතාව වෙත නොමිලයේ බෙදා හැරීම් කටයුතු අද (09) සිට ආරම්භ කිරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා ඇති බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න මහතා කියා සිටී.

මෙම ඉන්ධන තොගය එක් එක් ගොවීන්ට විශේෂ වවුචරයක් මගින් ඔන්ලයින් ක්‍රමයට ලබා දීමට සැළසුම් කර ඇති අතර එකී වවුචර පත නිල වශයෙන් නිකුත් කිරීම අද (09) පෙරවරු 11.00 කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ දී සිදු කෙරේ.

මෙම වැඩ පිළිවෙළ යටතේ අක්කර බාගයේ සිට හෙක්ටෙයාර් 02 දක්වා වී වගා කරන ගොවීන්ට අස්වනු නෙලීම සඳහා  නොමිලයේ ඉන්ධන ලබා දීමට පියවර ගෙන ඇත. 

ඒ අනුව හෙක්ටෙයාර් එකක් සඳහා ඩීසල් ලීටර් 15ක් හා  හෙක්ටෙයාර් 02ක්  සඳහා  ඩීසල් ලීටර් 30ක් ද වශයෙන් ලබා දීමට කටයුතු යොදා තිබේ.

මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙත සහන සැලසීම සදහා රජය විසින් ක්‍රියාත්මක කරන ලද වැඩ පිළිවෙළ යටතේ රජය මෙන්ම ජාත්‍යන්තරයෙන් ලද සහනාධාර ද ඇතුළත්ව  හෙක්ටෙයාර් 01ක් වගා කරන ගොවියෙකුට දී රුපියල් ලක්ෂ එකහමාරක පමණ සහනාධාර ප්‍රමාණයක්  රජයේ මැදිහත්වීම යටතේ ලබා දී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පුවත්

තවත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම

Published

on

By

තවත් පවුල් ලක්ෂ 4 කට ලබන මාසයේ අස්වැසුම දීමනාව ලබාදෙන බව ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ, ඒ සඳහා සුදුස්සන් තෝරා ගැනීම මේ වනවිට අවසන් අදියරේ පවතින බවය.

සංක්‍රාන්ති කණ්ඩයට අයත් පවුල්, හාර ලක්ෂ 20000 ක අස්වැසුම ප්‍රතිලාභය පසුගිය අප්‍රේල් මාසයේ සිට නතර කෙරුණු බවද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ වනවිට අස්වැසුම ප්‍රතිලාභ ලබන සමස්ත පවුල් සංඛ්‍යාව දහතුන් ලක්ෂ 80000 කි.

Continue Reading

පුවත්

දුම්රිය රියැදුරන් පිරිසක් අද වර්ජනයක

Published

on

By

දුම්රිය රියැදුරන් අද (06) දහවල් 12 සිට  මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා ප්‍රකාශ කළේ, පානදුර හා මොරටුව අතර සංඥා පද්ධතියේ දෝෂය නිවැරදි නොකිරීම හේතුවෙන් එම පියවර ගත් බවය.

මොරටුව, මෝදර ප්‍රදේශයේදි දුම්රිය පීල්ලක් කැඩී යාම හේතුවෙන් සාගරිකා දුම්රිය ඊයේ (05) එම ස්ථානයේ නතර කෙරිණි.

ඒ, එය දුටු පුද්ගලයෙකු දැඩි වෙහෙසක් දරා දුම්රිය නතර කරන ලෙසට සංඥා කිරීමත් සමගය.

එම අවස්ථාවේ දුම්රිය  මාර්ගය තාවකාලික වසා දමා දැමුණි.

එසේ තිබියදී පානදුර සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ධාවනය කෙරි ඇති අතර සංඥාවලින් පෙන්නුම් කර තිබුණේ, බාධාවකින් තොරව දුම්රිය ඉදිරියට ධාවනය කළ හැකි බව අගවන කොළ පැහැති ආලෝකයයි.

එහිදි දුම්රිය අනතුරක් සිදුවීමට යාම වැලැකුණේ අදාළ දුම්රියේ රියැදුරුගේ විමසිලිමත් බව හේතුවෙනි.

Continue Reading

පුවත්

අද කාලගුණය

Published

on

By

අද (06) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ.

ඌව, නැගෙනහිර පළාත්වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත්  සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ දකුණු පළාතේ විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සිහින් වැසි ඇති වේ.  

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved