Connect with us

පුවත්

ජනපතිගේ කතාව ගැන හියුමන් රයිට්ස් අවදියෙන් බව කියයි!

Published

on

ජනාධිපතිවරයා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් ආයතනය අද (24) නිවේදනයක් නිකුත් කර තිබේ.

සාමකාමී විරෝධතා මර්දනයට සහ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගන්නා බවත්, තවත් අරගලයක් ඇතිවීම වැළැක්වීම සඳහා හදිසි නීතිය පැනවීමට සහ හමුදා යෙදවීමට කටයුතු කරන බවටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය තම අවධානයට ලක්වූ බව  හියුමන් රයිට්ස් වොච් පවසයි.

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදෙන ශ්‍රී ලංකාවේ  ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීමට මෙරට මූල්‍ය පාර්ශ්වකරුවන් සහාය විය යුතු බවත්, ඔවුන්ගේ අයිතීන් ප්‍රවර්ධනයට කටයුතු කළ යුතු බවත් හියුමන් රයිට්ස් වොච් ආයතනය පවසයි.

හියුමන් රයිට්ස් වොච් අවධාරණය කර ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය ඇතුළු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් මෙරට අර්බුදයට විසඳුම් සෙවීමේදී මානව හිමිකම් වගකීම් සපුරාලන ලෙස රජයට බලකළ යුතු බවය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved