ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.ශ්‍රී. රංගා අද (03) අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා, බන්ධනාගාරයට නියෝග කර තිබේ.
ජනාධිපතිවරයාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විශේෂ විමර්ශනයට අදාළව මේ වන විට සැකකරුවන් 23 දෙනකු අත්අඩංගුවටගෙන ඇප මත මුදා හැර තිබේ.
එම සිද්ධියේ සැකකරුවකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.ශ්‍රී රංගා නම් කර තිබේ.
සැකකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මේ වන විට වෙනත් නඩුවකට රිමාන්ඩ් භාරයේ සිටින හෙයින් ඔහු අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියම කර ඇත.