Connect with us

පුවත්

ජනපතිගේ දේශපාලන ප්‍රචාරණ ව්‍යාපෘතියට මධ්‍යම පළාත් දරුවන්ගේ විභාග දින 02ක් නවත්වලා

Published

on

ජනපති අරමුදලින් ක්‍රියාත්මක කරන ජනාධිපති ශිෂ්‍යත්ව 2024 වැඩසටහන මේ වන විට රට පුරා ක්‍රියාත්මක කර තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවය නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවල අද (16) දිනයේ පැවැත්වේ.

මෙම වැඩසටහන වෙනුවෙන් නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවල අද සහ හෙට (17) දිනයන් වල පාසල් වාර විභාග නොපැවැත්වෙන ආකාරයට විභාග කාල සටහන සකස් කර ඇති බවට මේ වනවිට රජයට චෝදනා එල්ල වෙමින් පවතී.

මධ්‍යම පළාතේ පාසල්වල පසුගිය 10 දින ආරම්භ වූ වාර විභාගය 19 වෙනිදා දක්වා පැවැත්වෙන නමුත් ජනාධිපතිවරයාගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් දින දෙකක් විභාග නොපැවැත්වීම ජනාධිපතිවරයෙක් ලෙස ලජ්ජාවට පත් විය යුතු බවත් කිසිම දියුණු සමාජයක සිදු නොවන අන්දමේ තුන්වැනි පන්තියේ වැඩක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

ගුරුවරයින්ගේ අතිශය සාධාරණ වෘත්තීය ගැටලුවක් වෙනුවෙන් කරන අරගලය කඩාකප්පල්කාරි ත්‍රස්තවාදී ව්‍යාපෘති ලෙස දකින ආණ්ඩුව, ජනාධිපතිවරයාගේ දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන් මේ ආකාරයෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කිරීම අර්ථ දක්වන්නේ කෙසේදැයි ලේකම්වරයා විමසා සිටී.

ප්‍රතික්ෂේප කළ යුත්තේ මේ පිළිකුල් සහගත දේශපාලනය බව ඔහු පවසන්නේය.

ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන – 2024 මධ්‍යම පළාත් සමාරම්භය සනිටුහන් කරමින් මාතලේ දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් සිසු සිසුවියන් 3134 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගිය (13) දින මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණි.

ජනපති අරමුදල මගින් රුපියල් බිලියන 4ක මූල්‍ය ප්‍රතිපාදන ශිෂ්‍යත්වය වැඩසටහන සඳහා වෙන්කර තිබේ.

ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ජනාධිපතිවරණයට පෙර දිවයිනේ සමස්ත පාසල් 10,126 ආවරණය වන පරිදි, 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් 100,000කට ශිෂ්‍යාධාර ලබාදීම සිදු කෙරෙනු ඇත.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved