Connect with us

පුවත්

ජනපතිගේ රැස්වීම මහින්ද, නාමල්, ජොන්ස්ටන් ඇතුළු පිරිසක් මගහරියි

Published

on

ඊයේ (12) සවස 5.30ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු ඇමතිවරු, දිස්ත්‍රික් නායකයින්  සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවට පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් සහභාගී නොකිරීමට එම පෙරමුණ තීරණය කිරීම නිසා බරපතල  දේශපාලන අර්බුදයක් ප්‍රකාශ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කැබිනට් ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන් සහ පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික් ප්‍රධානීන් කැඳවා තිබිණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග හෙළි කරන්නේ මෙම සාකච්ඡාව කැඳවා තිබුණේ රජයේ  ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම අරමුණු කරගෙන බවය.

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිලාභ ජනතාව අතරට ගෙනියන්නේ කෙසේ ද, දැනට ටෙලිකොම් වැනි ආයතන පුද්ගලිකකරණයට එරෙහිව නැගෙන විරෝධයට ගත යුතු පියවර කුමක් ද?, වර්ථමානයේ රට තුළ නිර්මාණය වෙමින් පවතින ගැටලුවලට පිළිතුරු සොයන්නේ කෙසේද යන්න දීර්ඝ ලෙස සංවාදයට ලක්  කිරීම මෙම සාකච්ඡාව කැඳවිමේ පරමාර්ථ වූ බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග කීවේය.

එහෙත් මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, නාමල් රාජපක්ෂ, ජොන්සටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සනත් නිශාන්ත, එස්.එම් චන්ද්‍රසේන ඇතුළු පොදුජන පෙරමුණේ ප්‍රධානීන් ඇතුළු කිසිම දිස්ත්‍රික් නායකයෙක් සම්බන්ධ වී සිටියේ නැත.

මෙම රැස්වීම වර්ජනය කිරීමේ  ප්‍රධානම හේතුව මිට කලින් අවස්ථා හතරකදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක  බැසිල් රාජපක්ෂ විසින් පොදු ජන පෙරමුණේ  දිස්ත්‍රික් නායකයින්ට ඇමති තනතුරු ලබා දෙන ලෙස කළ ඉල්ලීම නොසලකා හැරීම බව එක් පාර්ශවයකින් ප්‍රකාශ වුනේය.

ජනාධිපතිවරයා විසින් කැඳවූ මෙම රැස්වීම සම්බන්ධව පොදුජන පෙරමුණ මින් පෙර ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරයාට අවශ්‍ය නම් කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු ඇතුළු ඇමති මණ්ඩලය කැඳවිය හැකි නමුත් පොදු ජන පෙරමුණට දැනුම් දී නියමිත ක්‍රියා පටිපාටියකින් තොරව පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් කැඳවිය නොහැකි බවය.

එසේ කැඳවීමට කටයුතු කිරීම ගැන පක්ෂය සිය කණගාටුව ද පල කර තිබිණි.  
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් ජනාධිපති කාර්යාලය හරහා රැස්වීමකට කැඳවීම අනුමත කළ නොහැකි බවත් එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය බවත් පක්ෂ ආරංචි මාර්ග කීවේය.

ඒ අනුව පක්ෂයේ දිස්ත්‍රික් නායකයින් මෙම අවස්ථාවට සම්බන්ධ නොකිරීමට පක්ෂය තීරණය කළ බව ද එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි හෙළි කළේය.

මූලාශ්‍රය – ද ලීඩර්

පුවත්

වසරක් පාසා දළදා වන්දනාවක්!

Published

on

By

වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමට අදාළව යෝජනාවක් මහනායක ස්වාමීන් වහන්සේලාට සහ දියවඩන නිළමේවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය සරත් අබේකෝන් පවසයි.

අද (24) උදෑසන පැවති දිසාපතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

සෞඛ්‍ය අංශවල ඉල්ලීම අනුව මේ වන විට මහනුවර පවතින තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අදාළ සාකච්ඡාව පැවැත්වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading

පුවත්

යාන්තමින් ජීවත් වීමට මාසෙකට 16,318ක්වත් ඕනේ

Published

on

By

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන නිල දරිද්‍රතා රේඛා සටහනෙහි නවතම සංස්කරණය නිකුත් කර තිබේ.

2025 පෙබරවාරි මාසය වෙනුවෙන් නිකුත් කර ඇති මෙම නවතම සටහන අනුව ජාතික මට්ටමින් නිල දරිද්‍රතා රේඛාව සටහන් වන්නේ රු. 16,318 ක් ලෙසිනි.

පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක් තුළ අවශ්‍ය කෙරෙන අවම මුදල ලෙසින් මෙය හැඳින්විය හැකිය.

ඒ අනුව 4 දෙනෙකුගෙන් යුතු පවුලක් සඳහා මාසයක් වෙනුවෙන් සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය අවම මුදල රු. 65,272 ක් ලෙසින් ගණනය කළ හැකිය.

නිල දරිද්‍රතා රේඛාව, මාසිකව දිස්ත්‍රික්ක මට්ටමින් ගණනය කරනු ලබන අතර ඊට අනුව සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් අවශ්‍ය අවම මුදල, කොළඹ දිස්ත්‍රික්කයේ වෙසෙන පුද්ගලයෙකුට රු. 17,599 ක් වන අතර එය දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිම අගය වේ.

අඩුම අගය මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම අගය රු. 15,603 කි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ 2025 පෙබරවාරි මාසයේදී වාර්තා වූ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (NCPI) අගය පෙර මාසයට සාපේක්ෂව පහළ මට්ටමක පැවතීම මෙලෙස නිල දරිද්‍රතා රේඛාව පහළ යාමට හේතු වී ඇති බවයි.

සම්පූර්ණ සටහන පහතින් දැක්වේ

Continue Reading

පුවත්

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Published

on

By

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පසුගිය 22වනදා රාත්‍රියේ වැල්ලම්පිටියේ දී සිදුවූ වෙඩි තැබීමකින් ඩෑන් ප්‍රියසාද්  ජීවිතක්ෂයට පත් විය.

රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.

මෙම සිද්ධියට අදාළව මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය පවසයි.

සබැඳි පුවත්

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved