පුවත්

ජනපතිට අද රෑට පාර්ලිමේන්තුව විසුරුවන්න බලය ලැබෙයි!

Published

on

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (20) කියයි.

වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ නිත්‍යානුකූල බලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද සිට ලැබෙන බව කී මහාචාර්වරයා, වික්‍රමසිංහ ජනාධිපතිවරයා එම බලය පාවිච්චි කළ යුතු යැයි තරයේ විශ්වාස කරන බව ද ඔහු කියා සිටී.

මුදල් ඇමතිවරයා වන එක පුද්ගලයකුගේ අභිමතය පරිදි ඡන්දය පැවැත්වෙනවාද? නැද්ද යන සියලුම දේ තීරණය වන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරයි.

මූලාශ්‍රය – ලංකාදීප

Trending

Exit mobile version