Connect with us

පුවත්

ජනපතිට දෝශාභියෝගයක් – ජීඑල්ගෙන් ඉඟියක්

Published

on

ජනාධිපතිවර​යා අත්තනෝමතිකව ව්‍යවස්ථා සභාවේ කටයුතුවලට මැදිහත් වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ හේතුව පදනම් කරගෙන ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට අවස්ථාව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කියයි.

නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සමාජික, මහාචාර්ය ජී. එල්. පීරිස් එබව කියා සිටියේ, නාවල නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී අද (11) පැවැති මාධ්‍ය හමුවකදීය.  

ජනාධිපතිවරයාගේ ඒකාධිපති පාලනයට විරුද්ධව විපක්ෂය එකාමෙන් පෙළගැසෙන බව ද ඔහු අවධාරණය කර සිටියේය. 

උදාවෙන 2024 වසර මැතිවරණ වර්ෂයක් බවත්, ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බවට දැනටමත් ප්‍රකාශ වී ඇති බවත්, මැතිවරණ කාලවලදී ව්‍යවස්ථා සභාව ස්වාධීනව කටයුතු කිරීම ඉතා වැදගත් බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එහිදී කීය. 

මැතිවරණ කොමිෂන් සභාවේ පුරප්පාඩුව සම්පූර්ණ නොකරන්නේ අනාගත මැතිවරණ හැකිලීමට දැයි සාධාරණ සැකයක් මතුවන බවත් ඔහු එහිදී අනාවරණය කළේය.

ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය කිරීම හේතුවෙන් ලංකවට GSP+ සහනය අහිමි වීමේ ප්‍රවණතාවයක් තිබෙන බව ද මන්ත්‍රීවරයා පැවසීය. 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට රතු එළි දල්වා ඇති බව කී මහාචාර්යවරයා මැතිවරණ කාලසීමා තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යුතු යැයි ජාත්‍යන්තරයෙන් දන්වා ඇති බව ද සඳහන් කළේය.

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

පුවත්

මාධ්‍යවේදීන් නොවන අයටත් Media ID දීලා

Published

on

By

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහාද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මාධ්‍ය වෘත්තීය සමිති සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ, මින් ඉදිරියට එවන් වැරදි සිදු නොවීමට දැඩි තීරණයක් ගෙන තිබෙන බවය.

ජනමාධ්‍ය හැඳුනුම්පත ලබා දීමට පෙර නියාමනයක් සිදු කර නිකුත් කිරීම් කරන ලෙසට එම නියෝජිතයින් අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සදහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් අංග සම්පූණ අධ්‍යයන පාඨමාලාවන් ආරම්භ කිරීමට කටයුතු කරන බවද නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved