පුවත්

ජනපතිට මඩ ගැසූ BOCයේ සම්පත්ගේ උසස්වීමට බැංකුවෙන්ම විරෝධයක්

Published

on

ජනාධිපතිවරයාට සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ගැසූ ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකරුවෙකුට උසස්වීමක් ලබාදෙමින් නියෝජ්‍ය මහා කළමනාකාර තනතුර සදහා නිර්දේශ කිරීමක් සම්බන්ධයෙන් එම බැංකුවේ පිරිසකගෙන් විර‍ෝධයක් මතුව ඇතැයි වාර්තා වේ.

මෙසේ විරෝධය එල්ලවී ඇත්තේ සම්පත් පෙරේරා නමැති අයෙකුටය.

විරෝධය දක්වන පිරිස පෙන්වා දී ඇත්තේ වත්මන් ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාකරමින්, ජනාධිපතිවරයාට අපහාස වන අන්දමින් සමාජමාධ්‍ය ජාල හසුරවමින් සිටින බවයි.

එම ලිපිය මගින් ඔවුන් දන්වා ඇත්තේ මෙම උසස්වීම ලබා දීමෙන් ලංකා බැංකුවේ පරිපාලනයට හා යහපැවැත්මට දැඩි හානියක් සිදුවන බවය.

අදාළ ලිපිය ඇතුළු ඡායාරූප පහතින්

Trending

Exit mobile version