Connect with us

පුවත්

ජනපතිට වසරක දිගුවක් !

Published

on

ජනමත විචාරයකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් ජනාධිපති ධූර කාලය දීර්ඝ කර ගැනීමේ හැකියාව පිළිබඳව මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බව “මවුබිම” පුවත්පත වාර්තා කර තිබේ.

මේවන විට මේ පිළිබඳව නීති ක්ෂේත්‍රයේ විශාදයින්ගේ මතය විමසීමට ජනපතිවරයාට හිතවත් පාර්ශව කටයුතු කර ඇති බවත්, ඔවුන්ගේ මතය වී ඇත්තේ ජනපතිවරයාගේ ධූර කාලය මේ අයුරින් වසර 5 සිට 6 දීර්ඝ කිරීමට අවස්ථාවක් ඇති බව යැයි එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇත.

2015 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් ජනපතිවරයාගේ වසර 6ක්ව පැවැති ධූර කාලය වසර 5ක් දක්වා ඒ අවස්ථාවේ අඩුකාලා සේම, පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයකින් ධූර කාලය වසර 5 සිට 6 දක්වා දීර්ඝ කර ගැනීමට හැකියාව පවතින බව ජැමෙයිකා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම මහතා සදහන් කරන බවද පැවසේ.

ඒ අවස්ථාවේ ජනමත විචාරණයක් නොපැවැත්වුණ බවද ඔහු කියා සිටී.

78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 83(ආ) ව්‍යවස්ථාවේ ඇත්තේ ජනාධිපතිවරයාගේ ධූර කාලය හා පාර්ලිමේන්තුවේ ධූර කාලය සය අවුරුද්දක් ඉක්මවා දීඝ කරන්නා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ 2/3කින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවයි.

යම් හෙයකින් ජනපතිවරයාට 2/3ක බහුතරයක් නැතිවුවහොත් ජාතික වැදගත්කමින් යුත් කාරණයක් ලෙස ජනමත විචාඑණයකින් සම්මත කර ගැනීමට හැකියාව පවතින බවද පැවසේ.

පුවත්

බංග්ලාදේශ මාධ්‍යවේදීන්ට සංචාරක විසා දුන්නේ සංචාරක ගොඩ වැඩි කරන්නද?

Published

on

By

බංග්ලාදේශ ක්‍රිකට් පිලේ දැන් පැවැත්වෙන තරග සංචාරය වාර්තා කිරීමට මෙරට පැමිණ සිටින මාධ්‍යවේදීන්ට සංචාරක වීසා නිකුත් කිරීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වේ.

තරගාවලිය අවසන් වීමට පෙර වීසා කාලය අවසන් වීමෙන් බොහෝ මාධ්‍යවේදීන්ට විස්සයි20 තරගාවලිය ආවරණය කළ නොහැකි තත්වයක් ඇති වී තිබෙන බවත් බොහෝ මාධ්‍යවේදීන්ට දින 14 සහ දින 21 සංචාරක වීසා නිකුත් කර ඇති බවත් ඔවුහු පවසති.

මෙවැනි තරගාලියක් සඳහා වීසා නිකුත් කිරීමේදී වෙනත් රටවල් තරගාවලිය පැවැත්වෙන කාලය අනුව වීසා නිකුත් නිකුත් කළ ද ශ්‍රී ලංකාව ඒ පිළිබඳව අවදානය යොමුකර නොමැති බව කියන බංග්ලාදේශ මාධ්‍යවේදීහූ ඒ හේතුවෙන් වීසා දීර්ඝ කරගැනීමට නැවත කාලය ගතකිරීමට සිදුව ඇති බව ද පවසති.

මේ අතර, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතට පවසා ඇත්තේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුව බංග්ලාදේශ මාධ්‍යවේදීන්ට වීසා නිකුත් කළ බවත් වීසා කාලය අවසන් වී සතියක් ගතවීමට පෙර දඩ මුදල් ගෙවීමකින් තොරව වීසා දීර්ඝ කරගත හැකි 

බංග්ලාදේශ මාධ්‍යවේදීන් කීපදෙනෙක් වීසා දීර්ඝ කරගැනීමට එම දෙපාර්තමේන්තුවට අද දිනයේ පැමිණි බව ද මහේෂ් කරුණාදාස මහතා වැඩි දුරටත් කීය. 

බංග්ලාදේශ මාධ්‍යවේදීන් 40 ක් පමණ මෙම තරගාවලියට වාර්තා කිරීමට පැමිණ සිටිති.

මාසයක පමණ කාලයක් පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය පසුගිය ජූනි මස 17 වැනිදා ආරම්භ වූ අතර අවසන් විස්සයි20 තරගය ලබන 16 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත.  

මාධ්‍යවේදීන්ට මෙසේ සංචාරක වීසා ලබාදී ඇත්තේ ලංකාවට පැමිණි සංචාරක ප්‍රමාණයේ ඉලක්කම් වර්ධනයට බවට ද මේවන විට ආගමන විගමන දෙපාර්තමේන්තුවට චෝදනාවක් එල්ලවී ඇතැයි පැවසේ.

Continue Reading

පුවත්

කහවත්ත පොලිස් ස්ථානාධිපති යාපනයට මාරුකරයි

Published

on

By

කහවත්ත යාඉන්න ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන කටයුතුවලට අදාළව කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාශයට මාරුකර තිබේ.

ඉකුත් ජුනි 30දා අදාග තරුණයා වෙඩිතැබීමකින් ඝාතනය ලක්වූ අතර, සිද්ධියෙන් තවත් තරුණයෙකු බරපතල තුවාල සහිතව රෝහල්ගත කෙරුණි.

Continue Reading

පුවත්

රනිල්, ඊලොන් මස්ක්ට ස්තූති කරයි

Published

on

By

‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සියලුම ශ්‍රී ලාංකිකයන්ට ලබාදීම ගැන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක්ට සිය කෘතඥතාව පළ කර තිබේ. 

නිවේදනයක් නිකුත්කරමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, නුදුරු දිනකදීම තමන් ඊලොන් මස්ක් හමුවීමේ බලාපොරොත්තුවෙන් සිටින බවය.

එම හමුවේදී මෙරට ඩිජිටල් ක්ෂේත්‍රය සඳහා ඇති තවත් අවස්ථා ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන බව එම නිවේදනයේ දැක්වේ.

රනිල් වික්‍රමසිංහ මහතා 2024 වසරේ ඉන්දුනීසියාවේ බාලි හිදී පැවති 10වන ‘ලෝක ජල සමුළුවට’ සහභාගි වූ අවස්ථාවේදී ඊලොන් මස්ක් හමුවිය.

එය ‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවට ලැබීමේ ක්‍රියාවලියේ ආරම්භය වේ.

ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් ඔහුගේ ‘X’ ගිණුමෙහි සටහනත් තබමින් පවසා සිටියේ, ‘Starlink’ අන්තර්ජාල සේවාව මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved