පුවත්

ජනපතිවරණයට දිනය තීරණය කර අවසන්?

Published

on

මේ සතිය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත්කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ජනාධිපතිවරණය පවත්වන දිනය මේ වනවිටත් තීරණය කර ඇති බවය.

ජනාධිපතිවරණ දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම මේ සතිය අවසන් වීමට පෙර සිදු කරන බව ද ඔහු පවසා තිබේ.

මේ අතර ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර හමුවක් ලබන බදාදා හෝ බ්‍රහස්පතින්දා පැවැත්වෙන බව සඳහන්ය.

එහිදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇත.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිසමට බලය හිමිවී අදට දින 5 කි.

Trending

Exit mobile version