පුවත්

ජනපතිවරණයට ලක්ෂ 35ක් ඡන්දය දාලා නැහැ

Published

on

මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී 3,520,438 ක් ඡන්දය ප්‍රකාශ කර නැති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එලෙස ඡන්දය ප්‍රකාශ නොකළ ප්‍රමාණය ලක්ෂ හතරකට ආසන්න බවද පැවසේ.

මැතිවරණ කොමිෂන් සභාවේ දත්තවලට අනුව එම දිස්ත්‍රික්කයේ 399,165 ක් ඡන්දය ප්‍රකාශ කර නැති අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කර නොමැති සංඛ්‍යාව 393,359 කි.

මාතර දිස්ත්‍රික්කයේද 328,159 ක් ඡන්දය ප්‍රකාශ කර නැතැයි අනාවරණය වේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේද 267,596 ක් ඡන්දය ප්‍රකාශ කර නැතැයි අනාවරණය වේ.

සමස්තයක් ලෙස ඉකුත් 2019 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ නොකළ ඡන්දදායකයන් සංඛ්‍යාව 2,604,145 කි.

මෙලෙස ඡන්දය ප්‍රකාශ නොකළ ඇතැමුන් විදෙස් සේවයේ නිරතව සිටින්නන් බවද පැවසේ.

Trending

Exit mobile version