Connect with us

පුවත්

ජනපතිවරණ ඡන්ද විමසීම ඇරඹෙයි!

Published

on

ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදී ජන­ර­ජයේ 09 වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා තෝරා­ප­ත්කර ගැනීමේ ඡන්ද විම­සීම අද (21) උදෑ­සන 7 සිට පස්වරු 4 දක්වා සිදු කෙරේ.

මධ්‍ය­ස්ථාන 13,421කට ඡන්ද පෙට්ටි හා කාර්ය මණ්ඩ­ලය ඒ අනුව යොමු කරන අතර, ඒ සඳහා පිහි­ටුවා ඇති නිකුත් කිරීමේ මධ්‍ය­ස්ථාන සංඛ්‍යාව 1234 කි. ලියා­ප­දිංචි ඡන්ද­දා­ය­ක­යින් එක් කෝටි 71,40,354 ක් ඡන්දය ලබා­දී­මට සුදු­සු­කම් ලබා තිබේ.

ඡන්ද මධ්‍ය­ස්ථාන රාජ­කාරි සඳහා රාජ්‍ය නිල­ධා­රීන් එක් ලක්ෂ 50000 කට අධික පිරි­සක් යොදවා ඇත.

නිද­හස්, සාධා­රණ හා විශ්ව­ස­නීය භාව­යෙන් යුතුව මැති­ව­ර­ණය පැවැ­ත්වී­මට අවශ්‍ය සියලු විධි­වි­ධාන මේ වන විට ගෙන ඇති බව මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­පති ආර්.එම්.ඒ.එල්. රත්නා­යක මහතා පැව­සීය.

ඊට අදාළ සියල්ල ව්‍යව­ස්ථා­පි­තව කළ යුතු කාර්ය­යන් පිළි­බඳ චක්‍ර­ලේඛ, උප­දෙස්, නියෝග නිකුත් කොට ඇති අතර ඒ සම්බ­න්ධ­යෙන් ජන­මාධ්‍ය ආය­තන හරහා මහ­ජ­න­තාව දැනු­වත් කර ඇත.

2024 ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ඡන්ද විම­සීම සඳහා සුදු­සු­කම් ලබා ඇති ඡන්ද­දා­ය­ක­යින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක්ලක්ෂ හත­ළි­ස්ද­හස් තුන්සිය පන­ස්හ­ත­රක් වන අතර මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට අපේ­ක්ෂ­ක­යින් 38 දෙනකු තරග වදී.

2024 ජනා­ධි­ප­ති­ව­රණ ඡන්ද විම­සීම සඳහා ඡන්ද පෙට්ටි හා නිල­ධා­රීන් ඡන්ද මධ්‍ය­ස්ථාන කරා ප්‍රවා­හ­නය ඊයේ (20) උදෑ­සන ආරම්භ වූ අතර ප්‍රධාන ගණන් ගන්නා නිල­ධා­රීන් ඇතුළු නිල­ධා­රීන් දහ­ස­කට ආසන්න පිරි­සක් කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහි­ප­ය­කින් පිට පළාත් සඳහා යොමු කර ඇති බවද මැති­ව­රණ කොමි­සම පැවැ­සීය.

මේ අතර, ඡන්ද පෙට්ටි හා නිල­ධා­රීන් ප්‍රවා­හ­නය සඳහා විශේෂ ආර­ක්ෂා­වක් ලබා දෙන බව පොලි­සිය පව­සයි. ඡන්ද පෙට්ටි නිකුත් කරන මධ්‍ය­ස්ථාන අවට විශේෂ රථ වාහන සැලැ­ස්මක් ක්‍රියා­ත්මක බව ද පොලි­සිය කියා සිටි­යේය.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved