Connect with us

පුවත්

ජනපතිවරණය නිරීක්‍ෂණයට දෙස් විදෙස් නිරීක්‍ෂකයන් විශාල පිරිසකගෙන් ඉල්ලීම්

Published

on

යුරෝපා සංගමයේ සහ ආසියානු මැතිවරණ නිරීක්ෂකයන්ගේ සංගමයේ නිලධාරීන් විශාල පිරිසක් මෙරට ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා ඉල්ලීම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

දේශීය මැතිවරණ නිරීක්ෂකයන් විශාල පිරිසක් ද ඒ සඳහා ඉල්ලීම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරි සඳහා යොදවන පොලිස් නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණු අතර ඊට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව කියා සිටියේය.

සෑම දිස්ත්‍රික්කයකම රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් සොයා බැලීමට කණ්ඩායම් පත්කර ඇති බවත්, මැතිවරණ සමයේ සිදුවිය හැකි වංචා වැළැක්වීමට පොලීසිය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් සමග කොමිසම සාකච්ඡා කරන බවත් ඔහු එහිදී අනාවරණ කලේය.

පළාත් නවයෙහි නියෝජ්‍ය පොලිස්පතිවරුන්, සහකාර පොලිස් අධිකාරිවරුන්, පොලිස් ස්ථානාධිපතිවරුන්, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ඇතුළු මැතිවරණ කටයුතු සඳහා සම්බන්ධ සියළුම නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා විසින් අවධාරණය කරන ලදී.

එම සාකච්ඡාව නුවරඑළිය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි නන්දන ගලබඩ මහතා විසින් සංවිධානය කර තිබුණි.

මේ අතර එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 6,50292ක් මේ වනවිට ලියාපදිංචි වී ඇති බව සඳහන්ය.

පුවත්

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි 05දෙනෙකුට ස්ථාන මාරු

Published

on

By

රාජ්‍ය නිවේදිත නිලධාරීන් 5 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙය සිදුකර ඇති බවය.

අදාළ පත්කිරීම් හා ස්ථානමාරු කිරීම් මෙසේය

Continue Reading

පුවත්

ධීවර යාත්‍රා අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්

Published

on

By

දිගින් දිගටම සිදුවන ධීවර යාත්‍රා අනතුරට ලක්වීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අදාළ අනතුරුවලට හේතුවූ කරුණු හා ඒ සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳව අවධානය යොමුකිරීමේ අරමුණින් මෙම කමිටුව පත්කර ඇති බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ලෝක බල අරගලය මෙරට බල පෙරළියකට තුඩුදිය හැකියි – රනිල්

Published

on

By

ලෝකය බල අරගලයක් වෙත ගමන් කරන අවදානම් තත්ත්වය යටතේ ඉතා දුර්වල ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාවට ඉදිරියේදී දැඩි ආර්ථික බලපෑමක් එල්ල විය හැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

එය මෙරටේ බල හුවමාරුවකට පවා තුඩු දිය හැකි බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත විසින් රචිත “විකල්ප මඟ” කෘතිය කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී පසුගියදා හිටපු ජනාධිපතිවරයාට පිරිනැමීම සඳහා පැවැති සුහද හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. 

“ඊශ්‍රාලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය හෙලා දකිමින් මම ඉරානය පැත්තේ හිටගන්නවා. මෙම ප්‍රහාරය දියත් කළේ ඉරානය පරමාණුක බලශක්තිය සම්බන්ධයෙන් ඇමරිකාව සමග සාකච්ඡා කරමින් සිටින විටයි. ලෝකයේ න්‍යෂ්ටික හා ආර්ථික බලයේ ආධිපත්‍ය ඇමරිකාව ඇතුළු බටහිර කඳවුරෙන් ගිලිහී යමින් පවතිනවා. ආසියානු රටවල් අතරට එය පත්වෙමින් තිබෙනවා. රුසියාව, චීනය බලවේගයක් ලෙස මේ වන විට නැගී සිටිනවා. එම බලවේගය ඇමරිකාව ඇතුළු බටහිර රටවලට කරදරයක්. චීන මුදල් ඒකකය අන්තර් ජාතික ගනුදෙනු නිරවුල් කිරීමේ මුදල් ඒකකයක් ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. එය BRICS ඇතුළු රටවල් දැනටමත් භාවිත කිරීමට පටන් ගෙන තිබෙනවා. එය අපේ රටටද ඉදිරියේදී අන්තර්ජාතික ගනුදෙනු නිරවුල් කිරීමේදී භාවිත කළ හැකි මුදල් ඒකකයක්. මේ අවස්ථාවේ ඉන්දියාව අමතක කරන්නත් හොඳ නැහැ. ඇමරිකා ඩොලර් ට්‍රිලියන හතරක විදේශ සංචිතයක් ඇති ඉන්දියාව සමග අපි ගමන් කළ යුතුයි.”

මෙහිදී හිටපු ජනාධිපතිවරයා වත්මන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ගැන කියමින් ඔහු විපක්ෂයේ හදවත බදු බවත් ඔහු ආරක්ෂා කිරීමේ වගකීම අපි සැමට ඇති බවත් කීවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved