පුවත්

ජනපති අනුර ගැන බොරුවක් කියූ අය සොයා අත්අඩංගුවට ගන්න නියෝගයක්

Published

on

ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඉකුත් ජනාධිපතිවරණය සමයේ  අසත්‍ය වාර්තාවක් අන්තර්ජාලයේ පළ කිරීමේ සිද්ධිය පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (06) නියෝග කර තිබේ.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අසනීප තත්ත්වයක් සම්බන්ධයෙන් අසත්‍ය වාර්තාවක් අන්තර්ජාලයේ පළ කිරීමේ සිද්ධිය පිළිබඳ මෙම විමර්ශනය සිදු කිරීමට නියමිතය.

ඒ අනුව, අදාළ සිද්ධිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් පවත්වා එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කලේය.

නීතිඥ සුනිල් වටගල මහතා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (06) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණි.

මේ සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ මෙම සිද්ධියට අදාළව විමර්ශන සිදුකරන බවය.

Trending

Exit mobile version