පසුගිය අගෝස්තු මස 17 වැනිදා සිට මේ දක්වා කාලසීමාවේදී ජනාධිපති ධූර අපේක්ෂකයන් වෙනුවෙන් අලවා තිබූ පෝස්ටර් හය ලක්ෂ විසිහත්දාහස් තුන්සියයක් මේ වනවිට පොලිසිය විසින් ඉවත් කර තිබේ.
එමෙන්ම තවත් පෝස්ටර් දෙලක්ෂ හත්දහස් නවසියයක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා කියා සිටී.
එමෙන්ම ඊට අමතරව බැනර් 1,500ක් ඉවත් කර තවත් බැනර් 1,100ක් පොලිස් භාරයට ගෙන ඇති අතර පොලිසිය විසින් ඉවත් කර ඇති කටවුට් සංඛ්‍යාව 1,550ක් වේ.
තවත් කටවුට් 1,600ක් පොලිස් භාරයට ගෙන ඇති බවද හෙතෙම පැවැසීය.
මීට අමතරව දැන්වීම් හා පත්‍රිකා 7,600ක් ඉවත්කර තවත් දැන්වීම් හා පත්‍රිකා 10,750ක් පොලිසිය භාරයට ගෙන තිබේ.