පුවත්

ජනපති අපේක්ෂකයෝ 20ක් ආරක්ෂාවත් එපා කියයි

Published

on

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් විස්සකට ආසන්න පිරිසක් ආරක්ෂකයන් අවශ්‍ය නැතැයි දැනුම්දී  ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෝ  වැඩි පිරිසක් කුඩා පක්ෂවලට අයත් වූවෝ වෙති. 

ආරක්ෂාව ඉල්ලා ඇති සෙසු අපේක්ෂකයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ද පැවසේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගේ උපදෙස් මත ජනපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සොයා බලා අවශ්‍ය කටයුතු කිරීමට විශේෂ කමිටුවක්ද පසුගියදා පත් කෙරිණ. 

එම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාය.

මේ අතර, ජනාධිපති අපේක්ෂකයන් සහභාගිවන රැස්වීම්වල ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා කියා සිටී.

Trending

Exit mobile version