පුවත්

ජනපති අලුත් පනත ගැන මෙටා එකත් දැනුවත් කරලා

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිව්යෝර්ක් හි මෙටා සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති, ශ්‍රීමත් නික් ක්ලෙග් මහතා අතර හමුවක් සිදුව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ඊයේ (19) සවස එම හමුව පැවති බවය.

අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රචාර මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති නව ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී ජනාධිපතිවරයා විසින් පැහැදිලි කර තිබේ.

ඒ වෙනුවෙන් ඉදිරියේ දී හඳුන්වාදීමට යෝජිත පනත මඟින් බලපෑමට ලක්වූවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ක්‍රියාමාර්ග ගත හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

එසේම පාර්ලිමේන්තු කාරක සභා සමාලෝදනයේ දී මෙම පනතට තවත් සංශෝධන එක් කළ හැකි බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

කෘත්‍රීම බුද්ධි තාක්ෂණ අංශයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සැලසුම් පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස කරුණු පහදා ඇත.

ශ්‍රී ලංකා රජය සහ මෙටා සමාගම අතර කෘත්‍රීම බුද්ධි කෂේත්‍රයේ හවුල්කාරීත්වයක් ඇති කරගැනීමේ අවස්ථා සොයා බැලීමටත්, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීමට මෙටා සමාගම සමග සහයෝගීතා වැඩසටහනක් ඇති කර ගැනීමටත් මෙහිදී යෝජනා විය.

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා දත්ත මත පදනම් වු වැඩසටහන් සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් සඳහා කෘත්‍රීම බුද්ධිය භාවිත කරන අතරම, අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙරට කෘත්‍රීම බුද්ධි ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම තම අවධානය යොමු කළ ප්‍රධාන ක්ෂේත්‍ර දෙක බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

Trending

Exit mobile version