පුවත්

ජනපති ඉන්දියාවේ යන්න කලින් අද TNA හමුවෙයි!

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු – නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතර හමුවක්, අද (18) පස්වරු 3 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට පෙර එම හමුව යොදාගෙන තිබේ.

එහිදී බලය බෙදීම, ඉඩම් නිදහස් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි ද පැවසේ.

මීට පෙර ද ජනාධිපතිවරයා සහ දෙමළ මන්ත්‍රීවරුන් අතර සාකච්ජා වට කිහිපයක් පැවැත්විය.

Trending

Exit mobile version