Connect with us

පුවත්

ජනපති ජර්මානු නිල සංචාරය සඳහා දිවයිනෙන් පිටත්ව යයි

Published

on

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුනායක ජාත්‍යන්තර  ගුවන්තොටුපොළෙන් අද (10) රාත්‍රියේ පිටත්ව ගියේය.

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ (Frank-Walter Steinmeier)  ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 ජුනි 11 සිට 13 වැනි දින දක්වා ජර්මානු නිල සංචාරයේ නිරත වේ.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, ජර්මානු ජනාධිපති, චාන්සලර්, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ රාජ්‍ය ප්‍රධානීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති අතර, රජයේ ප්‍රමුඛතා මත පදනම් ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු දෙරටේ සහයෝගීතාව පුළුල් කෙරෙන  නව මාර්ග පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, ආයෝජන අවස්ථා, රටේ වර්ධන ශක්‍යතාවයන් සහ දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැගීමට ඇති අවස්ථා පිළිබඳව අවධාරණය කරනු ඇත.

තවද, මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරක හා සංචාරක කර්මාන්ත සංගම්වල (Tourism and Travel Industry Associations) නියෝජිතයන් මෙන්ම ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ද හමුවීමට නියමිතය.

මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද සහභාගී වෙති.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

විදුලි බිල වැඩි කිරීම ජන­ව­රම පාවා­දී­මක් (වීඩියෝ)

Published

on

By

විදුලි ගාස්තු 15%කින් වැඩි කිරීම “ජන­ව­රම පාවා­දී­මක්” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ප්‍රකාශ කරයි.

විදුලි ගාස්තුව 15%කින් ඉහළ දම­න්නට රජය කට­යුතු කර ඇති බවත් මහ­ජන උප­යෝ­ගීතා කොමි­සම මෙම තීර­ණය ගෙන ඇත්තේ රජය සහ විදුලි බල මණ්ඩ­ලය සිදු කරන ලද යෝජ­නා­වක් අනුව බවත් ඒ මහතා පවසයි.

මේ විදුලි ගාස්තු වැඩි කිරීම ජන­ව­රම පාගා දැමී­මක් සහ ජන­තා­වගේ හඬට ඇහු­ම්කම් නොදී­මක් මෙන් ම මෙරට ජන­තාව රැව­ටී­මක් බවත් විපක්ෂ නාය­ක­ව­රයා පවසන්නේය.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ විදුලි ගාස්තු වැඩි කිරිම ගැන ඊයේ (11) විශේෂ ප්‍රකා­ශ­යක් සිදු කර­මිනි.

විදුලි ගාස්තු වැඩි කරන ලද්දේ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ඊළග වාරි­කය ලබා ගැනී­මට බවත් විස්තී­රණ ණය පහ­සු­කම ලබා දීමට නම් විදුලි ගාස්තු වැඩි කරන ලෙසට ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල කොන්දේසි දමා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා සඳ­හන් කරයි.

මාලි­මාව ප්‍රමුඛ ජනතා විමුක්ති පෙර­මුණ සිය මැති­ව­රණ ප්‍රති­පත්ති ප්‍රකා­ශය හරහා නව අයි එම් එෆ් ගිවි­සු­ම­කට, එක­ග­තා­ව­කට ප්‍රවේශ වන බවට පැව­සු­වත් බලය ලැබුණු විග­සම පැවති රජයේ අයි එම් එෆ් ගිවි­සුම අකු­රක් නැර ඉදි­රි­යට ක්‍රියා­ත්මක කර­මින් ජන­ව­රම පාවා­දෙ­මින් ජන­ව­රම උල්ලං­ඝ­නය කර­මින් ජන­ම­ත­යට පයින් ගසා ඇති බවත් ඔහු වැඩි­දු­ර­ටත් කියා සිටි­යේය.

Continue Reading

පුවත්

බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි

Published

on

By

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ, බන්ධනාගාර අධිකාරී ගාමිණී බී දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති සමාව අවභාවිතා කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය හමුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස සිය ඉල්ලා අස්වීම භාර දී ඇති බව සඳහන්ය.

මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.

ඒ අනුව දිවයින පුරා බන්ධනාගාර අධිකාරී තනතුරුවල වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ වැඩතහනමට ලක්කිරීමත් සමඟ එහි වැඩබැලීම අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන නිශාන් ධනසිංහ මහතාව පත් කෙරුණි.

මූලාශ්‍රය – අද දෙරණ

Continue Reading

පුවත්

මහනුවර – පේරාදෙණිය දුම්රිය ගමනය යථා තත්ත්වයට

Published

on

By

මහනුවර හා පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ ගිලා බැසීමකට ලක් වූ ස්ථානය යලි පිළිසකර කර අවසන් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අනතුරුදායක තත්ත්වයක් පවතීද යන්න නිරීක්ෂණය කිරීම සඳහා අද (12) පෙරවරුවේ දුම්රියක් ධාවනය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

ඒ කොළඹ කොටුවෙන් පෙරවරු 05.55 ට බදුල්ල බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියයි.

එම දුම්රිය පිළිසකර කළ ස්ථානයෙන් පෙරවරු 09 ට පමණ ධාවනය කර ඇති අතර ගැටලුවකින් තොරව දුම්රිය මහනුවර දක්වා ධාවනය කළ බව සඳහන් වේ.

මහනුවර ප්‍රදේශයට පසුගිය දින කිහිපයේ ඇදහැලුනු අධික වර්ෂාවත් සමඟ මෙම තත්ත්වය හටගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම ස්ථානයේ වේගය බාල කොට දුම්රිය ධාවනය කිරීම සිදු කරන බව දුම්රිය බලධාරීන් සඳහන් කළේය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved