පුවත්

ජනපති – ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් අතර හමුවක්

Published

on

2022 දෙසැම්බර් මස පැවති ප්‍රථම සාකච්ඡාවෙන් අනතුරුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් සමග ශ්‍රී ලංකා ජනාධිපති, අගමැති ප්‍රමුඛ රජයේ ප්‍රධානීන් අතර ඉහළ පෙලේ වටමේස සාකච්ඡාවක් අද (31) කොළඹදී පැවැත්වුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලෝක බැංකුව (WB), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC), බහුපාර්ශ්වික ආයෝජන සහතික කිරීමේ නියෝජිතායතනය (MIGA), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB), ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JIСА), ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID), යුරෝපා සංගමය (EU) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) ඇතුළු ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ නියෝජිතයන් සමග මෙම සාකච්ඡාව පවත්වා තිබේ.

අර්බුදයෙන් ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනයක් කරා ගමන් කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකා රජයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන් කෙරෙහි අවධානය යොමු වූ අතර ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ඇති අභියෝග, අවස්ථා සහ කැපවීම් පිළිබඳව ද එහිදී සාකච්ඡාවට ලක්වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Trending

Exit mobile version