එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) උදෑසන ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබේ.
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව රාජ්‍ය නායකයින්, රාජ්‍ය පෞද්ගලික අංශ නියෝජිතයින්, පරිසරවේදීන් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් අද දිනයේ සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා ඩුබායි එක්ස්පෝ නගරයේ දී පැවැත්වීමට නියමිතය.
අවදානමට ලක්විය හැකි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ දේශගුණික යුක්ති සංසදය ක්‍රියාත්මක කිරීම ඇතුළු යෝජනා 03ක් ශ්‍රී ලංකාව විසින් මෙම සමුළුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මෙවර සමුළුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් තිදෙනෙකු සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සහභාගිවන බව මාධ්‍ය වාර්තා කර තිබේ.
සබැඳි පුවත්
ජනපති සමඟ 80ක නඩයක් ඩුබායි වෙත