පුවත්

ජනපති දිවයිනට පැමිණෙයි

Published

on

මාලදිවයිනේ සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබේ.

මාලේ නුවර සිට අද (18) උදෑසන 09.30ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළගා වූ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බව වාර්තා වේ.

මාලදිවයිනේ නව ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා ගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 16 වැනිදා පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

මාලදිවයින් නව ජනාධිපතිවරයා ගේ දිවුරුම් දීමේ උත්සවය ඊයේ මාලේ අගනුවර දී පැවැත්විණි.

Trending

Exit mobile version