පුවත්

ජනපති පාන්දරම ඕස්ට්‍රේලියාවට ගිහින්;  19 වැනි සංචාරය

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වන ඉන්දියානු සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකිරීමට ජනාධිපතිවරයා අද (08) අලුයම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බවයි.

ඉන්දියානු සාගර සමුළුව හෙට (09) සහ අනිද්දා (10) යන දෙදින තුළ ඔස්ට්‍ර්ලියාවේ පර්ත් නුවර දී පැවැත්වීමට නියමිතය.

ඉන්දීය පදනමේ සහ ඔස්ට්‍රේලියානු රජයේ නිල ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මේ සඳහා සහභාගී වනු ඇති.

‍ජනපතිවරයා මෙසේ නිතර නිතර විදෙස්ගතවීම සම්බන්ධයෙන් මේවන විට මහජනතාව අතර කුහුලක් මතුව ඇති අතර ඔහු ජනාධිපතිවරණයට පත්වීමෙන් පසුව මෙසේ විදෙස්ගත වූ 19 වැනි අවස්ථාව මෙයයි.

සබැදි පුවත්:

ජනපති රට ගියේ 18 වැනි වතාවට! 

Trending

Exit mobile version