Connect with us

පුවත්

ජනපති මන්දිරවලට කරන්න යන දේ

Published

on

කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර හැර සෙසු ජනාධිපති මන්දිර සහ අමාත්‍ය නිල නිවාස සුදුසු ව්‍යාපෘති සදහා භාවිතයට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති දේශපාලන සාකච්ඡාවකට එක්වෙමිනි..

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“අපේ රටේ හිටපු ජනාධිපතිවරු 5ක් සහ බිරිඳක් ඉන්නවා, 6 දෙනෙක් ඉන්නවා නිවාස සැපයීම.මම ස්තූතිවන්ත වනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයෙන් ඉවත් වූවාට පසුව ඔහු ආණ්ඩුවේ ගෙදරක් ගත්තේ නෑ. ඔහු ඔහුගේ නිවසට ගියා. හේමා ප්‍රේමාදාස මැතිණිය ආණ්ඩුවේ නිවසක සැලකිය යුතු කාලයක් සිටියා, මේ ප්‍රශ්නේ සමාජගත් වුණාට පස්සේ ඇය නිවස භාරදුන්නා. අපි මේ ගැන සමීක්ෂණයක් කරන්න චිත්‍රසිරි මහත්මයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා.ඒ කමිටුවේ වාර්තාව් ආවට පස්සේ ගෝඪාභය රාජපක්ෂ මහත්මයා තමන්ගේ නිවස භාරදුන්නා. එතනදී ජනාධිපතුවරුන් තිදෙනෙක් ඉන්නවා නිවාස භා නොදුන්. චන්ද්‍රිකා මැතිණිය, මෙත්‍රීපාල සිරිසේන සහ අනිත් එක්කෙනා මහින්ද රාජපක්ෂ මහත්මයා.

මම ඉස්සෙල්ලාම බැලුවා මේගොල්ලොන්ගේ නිවෙස්වල වටිනාකම කොච්චරද කියලා.රජයේ තක්සේරු දෙපාර්තමේන්තු යවලා තක්සේරු කළා. ඔබ හිතන්න විජේරාම මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්න නිවස ඉඩම අක්කරයයි පර්චස් 10 යි. නිවසේ වර්ග අඩි ප්‍රමාණය වර්ග අඩි 30,500 යි. රජයේ තක්සේරුව ගත්තාම කෝටි 350ක් වටිනවා ඒක. තක්සේරු දෙපාර්තමේන්තුව කියනවා ඒ අනුව, මාසික කුලිය ලක්ෂ 46ක් විය යුතුයි කියලා…

චන්ද්‍රිකා මැතිණියගේ නිවස වර්ග අඩි ප්‍රමාණය වර්ග අඩි 9,000කට වඩා වැඩි වෙනවා.එතන ඊට අමතරව එයාගේ ආරක්ෂක නිලධාරීන්ට වර්ග අඩි 4,000ක කොටසක් දීලා තියෙනවා. ඒ කාර්‍යාලයට වර්ග අඩි 2,000ක් දීලා තියෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් ඔක්කොම වර්ග අඩි 15,000කට වඩා වැඩි වපසරියක් ඇයට තියෙනවා. ඒකේ තක්සේරු වටිනාකම මාසික කුලිය ලක්ෂ 20ක් වෙනවා…

මෙත්‍රීපාල සිරිසේන මහත්මයා දැන් ඉන්නේ ටිකක් කුඩා නිවසක. එතුමා දැන් ඉන්න ගෙදර මාසික කුලිය රජයේ තක්සේරුව ලක්ෂ 9ක් වෙනවා…

ඊට පස්සේ මහනුවර මන්දිරය ගැන සාකච්ඡාවක් ආවා. ඒකෙදී කිව්වා නුවර පෙරහැර අවසන් වෙලා අර නිලමේවරුන් ගිහිල්ලා ඒ අවසන් වූ වග දැනුම්දෙන්නේ ජනාධිපතිවරයාට, එතකොට ඒක සස්තිකමය වශයෙන් අවස්ථාව තියෙන්නේ ජනාධිපති මන්දිරයේ, ඒක හින්දා එතන ඒක හතියන්න කියලා…අනිත් ජානාධිපති මන්දිරත්, ඇමතිවරුන්ගේ නිවාසත් දැන් අපි තක්සේරු කරගෙන යනවා. ඇමතිවරුන්ගේ හිටපු නිවාස අපි තක්සේරු කරලා ඉවරයි. ඒ ඔක්කොම අපි තක්සේරු කරලා පහුගියදා අපි කබිනට් මණ්ඩලයේ කමිටුවක් පත් කළා. මේවා වඩාත් ආර්ථික ප්‍රතිලාභයක් වෙන ආකාරයෙන් යොදවන්න ඕනේ කොහොමද කියලා අපිට යෝජනාවක් දෙන්න කියලා.

යාපනයේ ජනාධිපති මන්දිරයට යෝජනාවක් ඇවිත් තියෙනවා IT යුනිවර්සිටි එකක් දාන්න පුලුවන්ද වගේ එක එක යෝජනා ඇවිත් තියෙනවා..”

පුවත්

කෙහෙළිය පවුලටම අධිචෝදනා

Published

on

By


මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමසම අද (26) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.

චෝදනා 43ක් යටතේ මෙම අධිචෝදනා ගොනුකර තිබේ.

Continue Reading

පුවත්

බූස්සේ ගෙල වැලලාගත් රැඳවියෙක් මරුට

Published

on

By

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරියක රඳවා සිටි රැඳවියෙකු අද (26) දහවල් ගෙල වැලලාගෙන තිබේ.

සිරමැදිරියේ ගෙල වැලලාගෙන සිටියදී නිලධාරීන් විසින් ඔහුව මුදාගෙන රෝහල්ගත කර තිබේ.

රැඳවියා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ බිම්සර අමල් නමැති කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද වාර්තා වේ.

Continue Reading

පුවත්

සජින් වාස්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

Published

on

By

රුපියල් ලක්ෂ 369ක ආදායම් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා, අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර ඇත.

සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා තම නීතිඥවරයා මාර්ගයෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් විය.

මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර, සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියෝග කරන ලදී.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved