පුවත්

ජනපති මුල් දේශනය කරන බර්ලින් ග්ලෝබල් සමුළුව අද ඇරඹේ

Published

on

වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා වන ඉහළ මට්ටමේ ගෝලීය මුලපිරීමක් වන “බර්ලින් ග්ලෝබල්” සමුළුව අද (28) ආරම්භවීමට නියමිතය.

ඊට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ අලුයම ජර්මනිය බලා පිටත්ව ගොස් තිබුණි.

මෙම සමුළුව රටවල් රැසක රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් අද සහ හෙට (29) යන දෙදින තුළ ජර්මනියේ බර්ලින් නුවරදී පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය පැවැත්වීමට ද නියමිතව තිබේ.

ජනාධිපතිවරයා සිය ජර්මානු නිල සංචාරයේ දී එරට චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් මහතා මෙන්ම ජර්මනියේ ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන්, ජර්මානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සංගමයේ සාමාජිකයින් ද හමුවී සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

Trending

Exit mobile version