ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජපානයේදී ජපාන අග්‍රාමාත්‍ය ෆුමිඕ කිෂිඩා මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජපානය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී සිය ප්‍රසාදය කළ ඇතැයි එම අංශය වැඩිදුරටත් සඳහන් කරයි.
මීට කලින් ජනාධිපතිවරයා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යසුඕ ෆුකුඩා සහ ජපාන – ශ්‍රී ලංකා සංගමය විසින් ටෝකියෝ නුවරදී අද උදෑසන පැවැත්වූ භෝජන සංග්‍රහ හමුවකටද සහභාගී වී තිබේ.