Connect with us

පුවත්

ජනපති ලබන මස ජර්මනියේ සංචාරයක

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන ජූනි මස 10වනදා ජර්මනියේ නිල සංචාරයක නිතරවීමට නියමිතව ඇත.

අද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව තහවුරු කර සිටියේය.

අමාත්‍ය විජිත හේරත් මහතා,

“අපේ සංචාරක ක්ෂේත්‍රය වැටෙන්න කලින් ජර්මානු ඇතුළු යුරෝපා සංචාරකයෝ අපට ආවා. අද ඒක අඩුවෙලා තියෙනවා.

අපි බලාපොරොත්තු වෙනවා ජර්මානු සංචාරකයන් ලංකාවට පැමිණීම වැඩිකරන්න, දෙරට විදියට අපට මොනවද කරන්න පුළුවන් කියලා.

අපි පිරිස වැඩිකරනවා වගේම ඉහළ මට්ටමේ සංචාරකයන් කැඳවා ගැනීම ඉලක්ක කළ යුතුයි”

පුවත්

තංගල්ලේ මාරක රිය අනතුරක්

Published

on

By

කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී මඩකලපුවේ සිට ගාල්ල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයේ ඉදිරියෙන් ධාවනය වූ ටිපර් රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත.

අද (24) අලුයම 2.45ට පමණ සිදුව ඇති මෙම අනතුරෙන් බස් රථයේ ගමන්කල මගීන් 12 දෙනෙකු හා ටිපර් රථයේ රියදුරු තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුලත් කර තිබේ.

එහිදී බරපතළ තත්ත්වයේ පසු වූ එක් මගියෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත.

මෘත ශරීරය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24)  අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වේ.

මිය යනවිට ඇය 78වන වියෙහි පසුවූවාය.

1947 අප්‍රේල් මස 30වනදා කැලණිය ප්‍රදේශයේදී වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නමින් උපත ලැබූ ඇය පසු කාලීනව මාලනී ෆොන්සේකා නමින් හෙළ සිනමාව අතික්‍රමණය කරමින් ප්‍රකට විය.

1963 වසරේ දී වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය, 1968 වසරේදී පුංචි බාබා චිත්‍රපටයෙන් සිනමාවට පිවියාය.

1973 වසරේදී ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ ඇය, හොඳම නිළිය ඇතුළුව ජනාධිපති, සරසවි, ඕ.සී.අයි.සී, සුමති වැනි සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.

නිධානය, බඹරු ඇවිත්, වෑකන්දේ වලව්ව, ආරාධනා, අම්මාවරුනේ වැනි විත්‍රපට මාලනී ෆොන්සේකා මහත්මියගේ රංගන කුසලතාව ප්‍රකට කළ විශිෂ්ඨ නිර්මාණ ලෙස සනිටුහන් වේ.

2010 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දේශපාලනයටද පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය 2015 වසර වන තෙක් ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළාය.

Continue Reading

පුවත්

නුවරඑළියේ බස් රථයක් පෙරළී අනතුරක්

Published

on

By

නුවරඑළිය – මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ අනතුරක් සිදුව ඇත. 

පොලීසිය සඳහන් කළේ, අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ රියදුරු ඇතුළු පුද්ගයින් 54 දෙනෙකු ගමන්කර ඇති බවය.

ඉන් රියදුරු හා කොන්දොස්තර ඇතුළු පිරිමි පුද්ගලයින් 03ක් හා කාන්තාවන් 20 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහලට ඇතුලත් කර ඇත.

මෙම බස් රථයේ ගමන්ගත් පිරිස විනෝද චාරිකාවක් සඳහා කුරුණෑගල ප්‍රදේශයේ සිට බදුල්ල ප්‍රදේශයට ගොස්, නැවත ආපසු යමින් සිටයදී මෙම අනතුරට මුහුණපා තිබේ.

ඔවුන් කුරුණෑගල, කිරිවවුල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටත් අනාවරණය වී ඇත. 

නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved