පුවත්

ජනපති සජබෙන් 20ක් නොගත්තොත් පොහොට්ටුවෙන් ජනපති අපේක්ෂකයෙක්

Published

on

සමගි ජන බලවේගයෙන් අඩු වශයෙන් මන්ත්‍රීවරු 20 දෙනෙකු හෝ නොගතහොත් වෙනම ප්‍රබල අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ පිරිස එක්කර ගැනීම සඳහා පොහොට්ටු පක්ෂය විසින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ට දින වකවානු ලබාදී ඇතැයි ද පැවසේ.

ජූලි අගදී එම පක්ෂයේ අපෙක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

ඒ එම පක්ෂය දැනට පැවැත්වීමට සංවිධානය කර ඇති සමුළුවකදී එම පක්ෂයේ නායකයා වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මාධ්‍යට පවසා ඇත්තේ ජනපති අපේක්සකයකු සම්බන්ධ සාකච්ඡා දිගටම පැවැත්වෙන බවයි.

ජනාධිපතිවරණයට අවශ්‍ය ප්‍රචාරක කටයුතු මේවන විටත් අරඹා ඇති අතර ඉදිරියේදී සිය පක්ෂයේ කාන්තා හා තරුණ සමුළු ද ජුනි මාසයේදී පවත්වන බව ඔහු ප්‍රකාශකර ඇත.

මේ අතර, ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා එම පක්ෂයෙන් ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට පක්ෂ නායකයන් අතර සාකච්ඡා පැවැත්වෙන බවද වාර්තා වේ.

මූලාශ්‍රය – ඉරිදා ලංකාදීප

Trending

Exit mobile version