Connect with us

පුවත්

ජනපති සමඟ විශේෂ ඉෆ්තාර් එකක්

Published

on

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ඉෆ්තාර් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (14) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ඉස්ලාම් ආගමික නායකයින් මෙන්ම ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඉස්ලාම් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙම උත්සවය පැවැත්විණි.

නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා මෙහි පිළිගැනීමේ කතාව සිදු කළ අතර ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතාද උත්සව සභාව ඇමතීය.

ෂෙයික් අබ්දුල්ලා ෂහීඩ් මව්ලවිතුමා “රාමසාන් මාසයේ වැදගත්කම” පිළිබඳ විශේෂ දේශනයක් සිදු කරන ලදී.

විශේෂ යාඥා මෙහෙයෙන් පසු ප.ව 6.23ට අද දින උපවාසය අත්හැරීමේ කටයුතු ආරම්භ වූ අතර ඉන් අනතුරුව විශේෂ භෝජන සංග්‍රහයක්ද පැවැත්විණි.

මේ අතර ජනාධිපතිවරයා ඉෆ්තාර් උත්සවය සඳහා එක්ව සිටි ඉස්ලාම් බැතිමතුන් සමග සුහද කතාබහකටද එක් විය.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසුෆ් යන මහත්වරු සහ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුද, රාජ්‍ය නිලධාරින්, මහකොමසාරිස්වරු, තානාපතිවරු, මාධ්‍යවේදින් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

පුංචි ඡන්දෙ ආදායම් වියදම් වාර්තා ලබාදෙන ලෙස දැනුම්දීමක්

Published

on

By

පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළව මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා ලබන 28වන දිනට පෙර ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරණ ආදායම් හා වියදම් වාර්තා වෙන වෙනම සකස්කර ඉදිරිපත් කලයුතු බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව තරග කරන ලද දිස්ත්‍රික්කවල තේරිම් භාර නිලධාරීන් වෙත මෙම ආදායම් වියදම් වාර්තා ලබාදෙන ලෙසද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මේ අතර ආදායම් වියදම් වාර්තා ලබාදීමට අපොහොසත් වන අපේක්ෂකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන්  ගැටලුවක් පවතින බව ප්‍රජාතන්ත්‍රිය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

කොට්ටාවේ පත්තු වූ වෙඩිල්ලෙන් පුද්ගලයෙක් මරුට

Published

on

By

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල ඊයේ (08) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමක් සිදුවිය.

වෙඩිතැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලැබූ අතර ඔහු රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක් වූ මිරිස්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.

සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය. 

Continue Reading

පුවත්

අද පස්වරුවේ තද වැසි

Published

on

By

අද (09) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනය සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බස්නාහිර පළාතෙත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved