රුපියල් ලක්ෂ 40ක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිරදඬුවම් නියම කර සිටි අනීතික ජනාධිපති සමාව ලබා නිදහස් වූ ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න නමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි වාර්තා වේ.
ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අනුරාධපුරය පොලිස් කොට්ඨාසයේ නිලධාරීන්ද යොමුකර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ඔහුගෙන් අදාළ සිදුවීම පිළිබඳ වැදගත් තොරතුරු රැසක්ම හෙළිකර ගැනීමට හැකි බවද එම නිලධාරියා කියා සිටියේය.
ඔහු අත්අඩංගුවට ගෙන ජනපති සමාව හිමිකරගත් අයුරු පිළිබඳ පුළුල් ලෙස ප්‍රශ්න කිරීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.